රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සියලු පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් නියෝග!

රඹුක්කන ප්‍රදේශයේ පසුගිය 19 වැනිදා පැවති මහජන විරෝධතාවකට පොලිසිය සිදුකළ වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් මියයාමේ සිද්ධියට අදාළව සියලුම පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ අනුව එම වෙඩි තැබීමට අණ දුන් සහ එම අණ ක්‍රියාත්මක කළ සියලුම පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැනීමටයි එම නියෝගය ලබා දී ඇත්තේ.

පොලිස්පතිවරයා වෙතයි එම නියෝගය නිකුත් කර ඇත්තේ.

ඉන්ධන නිසි ලෙස බෙදා නොහැරීම මුල් කර ගෙන එම විරෝධතාව හටගෙන තිබුණි.

ASK