අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් වුණු SSP කීර්තිරත්න පොලිස් රෝහලේ හැංගිලා !

Date:

රඹුක්කන ප්‍රදේශයේ පැවති මහජන විරෝධතාවකට වෙඩි තැබීමට නියෝග කර නිරායුධ සිවිල් වැසියෙකු ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් අත් අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කළ කෑගල්ල කොට්ඨාස භාරව සිටි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න මේ වනවිට නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් වී සිටින බව වාර්තා වේ.

අත් අඩංගුවට පත්වීමෙන් වැළකීම සඳහා ඔහු මෙසේ මීට පැය තුනකට පමණ පෙර පොලිස් රෝහලට පැමිණ එහි නේවාසික ප්‍රතිකාර සඳහා ඇතුළත් වී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. ඔහු වෛද්‍ය හර්ෂණී ප්‍රනාන්දුගේ වාට්ටුවෙහි නේවාසිකව සිටින බව වැඩිදුරටත් වාර්තා විය.

SSP කීර්තිරත්න යනු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී නෙවිල් වන්නිආරච්චිගේ සමීප ඥාති සහෝදරයකු ද වේ.

අත් අඩංගුවට පත්වීමේ අවදානමක් ඇති අවස්ථාවලදී කලින්ම ගොස් රෝහල්ගත වීම යනු මෙරට දේශපාලනඥයින්, ඉහළ රාජ්‍ය නිලධාරීන් ඇතුළු බලවතුන් විසින් නීතියට වංගු දමමින් කාලයක් තිස්සේ කරගෙන යන ක්‍රියාවලියකි.

“අපට කොහෙද ශැංග්‍රිලා – අපිත් ඉන්නෙ හැංගිලා ….” – වැඩි විස්තර ඉදිරියේදී බලාපොරොත්තු වන්න

සබැඳි පුවත් –

http://139.59.240.222/04/27/15062/
http://139.59.240.222/04/23/14573/
http://139.59.240.222/04/20/14253/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාවේ Seattleහි දී පොලිස් රථයකට බිලි වූ ඉන්දීය ශිෂ්‍යාවගේ පවුලට ඩො.මිලියන 29ක වන්දියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකාවේ සියැටල් (Seattle)...

ගුරුවරුන්ගේ වෘත්තිමයභාවය සුරකිමින් ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීම වෙනුවෙන් තවත් අලුත් වැඩක්!

කොළඹ LNW:ගුරුවරුන්ගේ වෘත්තීයභාවය සුරැකීමට සහ ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීමට...

ට්‍රම්ප් සහ නෙතන්යාහුගේ පරස්පරවිරෝධී අදහස්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...