80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගන්න – විපක්ෂ නායකගෙන් ඉල්ලීමක්!

කොළඹ LNW:80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින මොහොතක රජය අඛණ්ඩව උපාධිධාරීන් බඳවා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියත්මක කරන බව පවසන බවත් මෙසේ අඛණ්ඩව උපාධිධාරීන් බඳවා ගන්නවා නම් 80000ක් රැකියා විරහිත උපාධිධාරීන් මහපාරේ ඉන්නේ කෙසේද කියා ගැටලුවක් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (14) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව උසස් අධ්‍යාපනයේ ඉහළටම ගිය අය අතර දකුණු ආසියාවේ වැඩිම විරැකියා ප්‍රතිශතය වන 43%ක් අප රටේ ඇති බවත් සංවර්ධන නිලධාරීන් ගුරුවරුන් ලෙස දශක ගණනාවක් සේවය කළත් අදටත් මැතිවරණ පොරොන්දුව ලෙස ගුරු සේවයට ඒමට නොහැකිව ඇති බවත් හෙතෙම කියා සිටියේය.

මානව සංවර්ධන දර්ශකයට රැකියාවක් පැවතීම එක කරුණක් වුවත් ඒ තුළින් ලැබෙන ආදායමෙන් සෙසු දේවල් නිර්මාණය වන බවත් මේ රැකියා විරහිත උපාධිධාරීන් 80000ම බරපතල ගැටලුවලට මුහුණ දෙන නිසා ඔවුන් අභ්‍යාසලාභීන් ලෙස බඳවා ගෙන වත්මන් ජීවන මට්ටමට සරිලන මාසික දීමනාවක් ලබා දී ඒ ඒ අංශවල කුසලතාව නිපුණතාව වර්ධනය කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම පසුගිය මැතිවරණ තුනේදීම මේ රැකියා විරහිත උපාධිධාරීන් වත්මන් රජයට බලය ලබා දුන්නේ මේ රැකියා ලබා ගැනීමට බවත් අවම වශයෙන් මොවුන් අභ්‍යාසලාභී පත්වීම් ලබා දී පුහුණුවක් දී රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හංගේරියාව සෙලවූ මහා දූෂණ විමර්ශනය: වනාන්තරවල වලදමා තිබූ ඩොලර් මිලියන ගණනක අභිරහස

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW: ඝන අන්ධකාරය රජයන රාත්‍රී...

නැවත දේශපාලනයට පිවිසීමට කිසිදු අදහසක් හෝ උනන්දුවක් නෑ – කංචන විජේසේකර

තමන්ට නැවත දේශපාලනයට පිවිසීමට කිසිදු අදහසක් හෝ උනන්දුවක් නොමැති...

නුවරඑළියේ පෞද්ගලික බස් රථ දෙකක් ගැටීමෙන් 18 දෙනෙකු තුවාල ලබයි

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW: නුවරඑළිය - තලවාකැලේ -...

නිහඬතාව බිඳ සමාජ මධ්‍යයේ සටහනක් තබමින් කංචන රටේම අවධානයට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:තමන්ට යළි දේශපාලනයට පිවිසීමේ කිසිදු අදහසක් හෝ...