*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

විමල්ගේ කතාවට ආරක්ෂක අමාත්‍යංශයෙන් ප්‍රතිචාර!

කොළඹ (LNW): පා.ම විමල් වීරවංශ මහතා ‘නවය; සැඟවුනු කතාව’ නමින් තමා විසින් රචිත නව කෘතියක් එළිදැක්වීමේ උත්සවයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ හිටපු හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පිළිබඳව සිදුකළේ යැයි කියන ප්‍රකාශයකට අදාළව ආරක්ෂක අමාත්‍යංශය විසින් ප්‍රතිචාර දක්වා තිබේ.

2022 මැයි 09 වන දින ප්‍රථම සැලසුම ලෙස අරගලය සිදුකළ බලවේග සිදුකිරීමට සැරසුනේ එවකට සිටි විධායක ජනාධිපති ප්‍රමුඛ හමුදා ප්‍රධානීන් ජනාධිපති මන්දිරය තුළ ඝාතනයට ලක්කිරීමට බවත් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එම අවස්ථාවේ ඉන්දියානු සංචාරයකට සහභාගී වී සිටීම සැක සහිත බවටත් විමල් වීරවංශ මන්ත්‍රීවරයා විසින් සිදුකර ඇති ප්‍රකාශය පදනම් විරහිත එකක් බව ආරක්ෂක අමාත්‍යංශය අවධාරණය කර සිටියි.

සම්පූර්ණ නිවේදනය පහතින්:

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ හිටපු යුධ හමුදාපති පිළිබඳව පා.ම. ගරු විමල් වීරවංශ විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ පැහැදිලි කිරීම

දකුණු ඉන්දීය සාගර කලාපයේ මිත්‍ර රටවල් අතර සංවිධානය කරන ලද ආරක්ෂක සම්මේලනයක් වන කොළඹ ආරක්ෂක සමුළුවේ නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක රැස්වීම 2022 ජූලි මස 07 වන දින ඉන්දියාවේ පැවති අතර, ශ්‍රී ලංකාවේ එවකට සිටි ජනාධිපතිවරයාගේ සහ ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් හා අනුමැතිය යටතේ ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ හිටපු යුධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එම ආරක්ෂක සමුළුව සඳහා සහභාගී වූ බව ආරක්ෂක අමාත්‍යංශය අවධාරණය කර සිටී.

අද දින (අප්‍රේල් 26) විකාශය වූ හිරු පත්තරේ විස්තරේ වැඩසටහනේදී මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම, පා.ම. ගරු විමල් වීරවංශ විසින් රචිත ‘නවය; සැඟවුනු කතාව’ කෘතිය එළිදැක්වීමේ උත්සවයේදී ගරු විමල් වීරවංශ විසින් කරන ලද කථාවෙන් උපුටා ගනිමින් කියා සිටියේ, 2022 මැයි 09 වන දින ප්‍රථම සැලසුම ලෙස අරගලය සිදුකළ බලවේග සිදුකිරීමට සැරසුනේ එවකට සිටි විධායක ජනාධිපති ප්‍රමුඛ හමුදා ප්‍රධානීන් ජනාධිපති මන්දිරය තුළ ඝාතනයට ලක්කිරීමට බවත් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එම අවස්ථාවේ ඉන්දියානු සංචාරයකට සහභාගී වී සිටි බවත් එය සැක සහිත කටයුත්තක් බවත් ය.

එ අනුව, ඉහත කරන ලද ප්‍රකාශය පදනම් විරහිත බවත්, වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ හිටපු යුධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා කොළඹ ආරක්ෂක සමුළුවට සහභාගී වීම සඳහා 2022 ජූලි මාසයේදී ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටින ලද්දේ ශ්‍රී ලංකාවේ එවකට සිටි ජනාධිපතිගේ සහ ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය යටතේ බවත්, ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් අවධාරණය කර සිටී.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan