*
Monday, May 13, 2024
spot_img

Latest Posts

ඓතිහාසික වටිනාකමක් ඇති ටියුලන් සඳහා තේරුණ තරුශි

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 28, කොළඹ (LNW): ඇය කඳු වළලුවලින් වට තැනක උඩු දුම්බර උපන්නාය.ඒ කඳුවලටත් වඩා උස කීර්තියක් සහිත දෙපයක් ඇය රැඟෙන ආවාය.සැඟ වී තිබූ එම දෙපයේ කීර්තිය සොයා කිරුළු පළන්දන අභිෂේකයට සමීප කෙරුවේ සුසන්ත ප්‍රනාන්දු නම් මලල ක්‍රීඩා පුහුණුකරුවාය.වලල පාසල් මට්ටමෙන් නෙලන ජයග්‍රහණ ජාතික මට්ටමෙන් නොලබන බව කීවෝ බොහෝ වෙති.එහෙත් ඇත්ත ජාතික පාසල් දිනා ජාතික මට්ටමට පිවිස ජාත්‍යන්තරය ජයග්‍රහණය කළ හැක්කෝ සමස්තයක් විදිහට ගත්තාම හිඟය.වලල කතාව ද එබඳුය.


එහෙත් ඩී.ඒ ඉනෝකාගේ සිට ගීතානි රාජසේකර දක්වා ලංකාවේ දුර දිවිමේ ජාත්‍යන්තර කුසලතා මැන බලද්දී වලල කාන්තාවෝ වෙති.මනෝජ් පුෂ්පකුමාර,ජානක වීරසිංහ,ජේඑම් සිෆ්රාත්,ඉෂාර සඳරුවන්,ඩිල්ෂි කුමාරසිංහ දක්වා වලල තරු ය.එහි තරු ගුණය යහපත්ම ලෙස දිදුලවන්නට හැකි වුණේ තරුශි කරුණාරත්නට ය.
මේ තරුශි නුදුරු දිනෙක මෙරටින් නික්ම යන්නේ මෙරටට වඩාත් වටිනා හිමිකමක් ලබා දීමේ අභිලාෂයෙන්ය.ඉතා අධික මුදලක් වැය කර උගත යුතු නිව් ඔර්ලියන්ස් හී ටියුලන් විශ්ව විද්‍යාලය ඇයට ශිෂ්‍යයත්වයක් ලබා දෙමින් එහි කැඳවා ඇත.ඉතිහාසයේ සිටම කළු ජාතික ක්‍රීඩා තරුවලට මඟ විවර කළ වර්ණබේදය උගත් කමින් නොව බුද්ධියෙන් පළවා හැර කටයුතු කළ විශ්ව විද්‍යාලයක් ලෙස ක්‍රියා කර ඇති ටියුලන් හී හර්මන් නියුගස් නම් යුදෙව් සම්භවයක් ඇති ක්‍රීඩකයා 1936 වර්ගවාදයට එරෙහිව ඔලිමිපික් තේරිම වර්ජනය කළේය.


ජෙසී ඔවන්ස් වැනි මලල ක්‍රීඩා ඉතිහාසයේ සදාකාලික වීරයෙක්ගේ සමකාලීන අභියෝගයක් වූ හර්මන් යාර 100 ඉසව්වේ ලෝක වාර්තාව දිනා ගත්තේ තත්පර 9.4 ක් වැනි කාලයක් වාර්තා කරමින්ය. Human Bullet” මෙන්ම “ග්‍රීන් වේස් එක්ස්ප්‍රස් යන අනවර්ථ නාමයන්ගෙන් හැඳින්වූ වසර 90 ට එපිට ටියුලන් කීර්තියට පත් කළ මලල ක්‍රීඩකයාගේ දවසේ සිටම ඒ හරහා ඇමෙරිකාවට මෙන්ම සෙසු ලෝකයටම අපූර්ව මිනිස් ජවය පෝෂණය කරන්නට සැදැහැ සිතින් ටියුලන් කරන පරිත්‍යාගවල අලුත්ම බලාපොරොත්තුව සහ තේරීම වන්නේ තරුශි වීම ඒ හා සමාන ඉතිහාසය විසින් තරුශිට ලබා දෙන අභිමානය ශ්‍රී ලංකාවේ සැමටම ලැබෙන සතුටක්ය.


“වානිජ පැත්තෙ විෂයන් තමයි ඉලක්ක කරන්නෙ.ගිහිං මූලික අධ්‍යාපන කටයුතු කරලා බලන්න ඕනි.හැම විෂයක්ම ලෝකෙ ඉහළ විශ්ව විද්‍යාලවල වෘත්තීය වටිනාකමක් ලැබෙන විදිහට උගන්නන නිසා ඒ මුල් අධ්‍යාපන කාලයෙ මටත් හඳුනාගන්න පුළුවන් වෙයි මට පුළුවන් දේ මොකද්ද කියලා.”
තරුශිගේ වචනවල ඇත්තේ ටියුලින් අනන්‍යතාවය සුරැකෙන බුද්ධිමය ආභාෂයක හැඩයය.ලෝකයෙන් යමක් ලැබෙන විට ඒ රට කුමන්ත්‍රණඛාරිව අත්පත් කර ගැනීමේ උත්සාහයක් ලෙස දරුණු මුහුණුවරක් පෙන්වන බොහෝ දෙනා සමහර විට තරුශිට ලැබෙන මේ ජාත්‍යන්තරයේ ඉහළම පහසුකම් සහිත ශිෂ්‍යත්වය ගැන ද බිය මතු කරන්නට ඉඩ ඇත.එහෙත් ලෝකයේ ඉහළම දැණුම සහ තාක්ෂණය සමඟත්,තරුශිම කියනාකාරයට වෘත්තීමය පදනමක් සහිත අධ්‍යාපනයත් ලැබීම ඇයට රටට දුන් වටිනාකම් තව දුරටත් පෝෂණය කරන්නට ලැබෙන අවස්ථාවකි.ආක්‍රමණයක් බවට සමහර මානවීය ගුණ සහිත ක්‍රියාවලින් ද පත් විය හැකිය.ඒ දේශිය වශයෙන් සිඳුවන අනිසි කළමණාකාරීත්වය සම්බන්ධ ගැටළු පාදක කරගෙනය.ඇතැම් විට තරුශිට ලැබෙන මේ මානව ගුණැති පරිත්‍යාගයට ද ලංකාවේ තරුශිගේ ක්‍රීඩාව වෙනුවෙන් වගකීමට බැදී සිටින සෑම පර්ශවයකම අය අතින් සිඳුවන අනිසි කළමණාකරනය නිසා හානි සිඳුවන්නට බැරි නැත.ඒ සම්බන්ධයෙන් උදාහරණ යුපුන් අබේකෝන්ගේ සිට උෂාන් තිවංක සම්බන්ධයෙන් වර්ථමානයේ ද අපි විඳ ඇත්තෙමු.
මෙවර ඔලිම්පික් උළෙලටත් වඩා ඇයගේ ක්‍රීඩා ජීවිතයේ හොඳම දස්කම් දකින කාලය හමුවන ඉදරි ඔලිම්පික් උළෙල දැක දැක තරුශි තරුවක්ව මුදුන් කරන්නට ශ්‍රී ලංකාවට ලැබෙන ටියුලන් හයියට ස්තූතිවන්ත වෙන අතරම අපේ බලධාරීන් ද ඇයව අමතක නොකර රැක ගැනීම සඳහා එක මොහොතක් හෝ අත් නොහැර කටයුතු කළ යුතුය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan