නිපුනිගේ නිපුනතාවය තැනූ අනාගතය පේන උස් කඳු සිරස

Date:

නිශ්මං රණසිංහ අප්‍රේල් 28, කොළඹ LNW:

ආසියානු හොකී සූරතාවලිය සඳහා සුදුසුකම් ලැබීම සඳහා පවත්වනු ලබන ආසියානු හොකී සම්මේලන කුසලාන තරගාවලියේ නැගී එන ක්‍රීඩිකාව ලෙස ඇගයීමට පාත්‍ර වන්නට නිපුනි ප්‍රනාන්දු සමත් වූවාය.තවමත් 19 හැවිරිදි නිපුනි ශ්‍රී ලංකා අවුරුදු 21 න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කර ඇත්තේ 2019 දී ය.ඇය ඉකුත් වසරේ සිංගප්පූරුවේ පැවති අවුරුදු 21 න් පහළ තරගාවලිය ද නියෝජනය කළාය.


නිපුනි වෙන්නප්පුව ශුද්ධ වූ පව්ලේ කන්‍යාරාමය හරහා හොකී කේෂ්ත්‍රය දැන හඳුනාගත් ක්‍රීඩිකාවකි.ඉකුත් කාලයේ ජාතික මට්ටමේදී ඉහළ අවධානයක් දිනා ගත් ශුද්ධ වූ පව්ලේ විද්‍යාලය විසින් සිඳු කරන ලද ශ්‍රී ලංකා හොකී ක්‍රීඩාවේ සම්ප්‍රදායික කඳවුරුවලට පහර දිමේ ක්‍රියාවලියට විශාල ශක්තියක් වීමට නිපුනි ද එක් විය.
ආසියානු මට්ටමේ හොකී දක්වා යා හැකි ගමණකට ශ්‍රී ලංකා කාන්තා හොකී තව බොහෝ දේ එකතු කර ගැනීම කළ යුතුය.එය පහසු කරන සහ ඉහළ හොකී මට්ටමට සමීප වීමට ආසන්නතා සොයා බැලීමේදී නිපුනි වැන්නන් හඹා යාම වැදගත් මෙන්ම ඔවුන්ව රැක ගැනීම සහ පෝෂණය කිරීමට වැඩ පිළිවෙළක් අවශ්‍යය වන්නේය.


මේ මොහොත නිවැරදිව කියවා ගැනීමට හැකිනම් ශ්‍රී ලංකාවට ආසියාවේ යා හැකි ආසන්නම විශාල ජයග්‍රහණය වන ආසියානු සම්මේලන කුසලානයට යාමට ඉඩක් සකසා ගැනීමට හැකියාව ඇත.ඒ මේ තත්ත්වය තව වසර හතරකදී දියුණු කර ගැනීම තුළය.ඊට හොඳ උත්තේජනයක් ලෙස නිපුනි ගත හැකිය.ඉදිරි වසර කිහිපයක් පාදක කරගෙන නිපුනි වැනි නව යෞවනයේ සිටින ක්‍රීඩිකාවන් දීර්ඝකාලීනව පුහුණු සංචිතයක තබා ගනිමින් අඛණ්ඩ පුහුණුවක් සමඟ ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබා දීමට උත්සාහ කිරීම කළ යුතුය.එසේම නිපුනි වැනි ක්‍රීඩකයින් මේ රටෙන් පිට වෘත්තීය රගර් ක්‍රීඩාව වෙත සමීප කරවීමට හොකි කේෂ්ත්‍රයේ අත්දැකීම් ඇති අය සිය ජාත්‍යන්තර සබඳතා භාවිතයට ගනිමින් ක්‍රියා කළ යුතුය.


නිපුනිගේ නිපුනතාවය රටේ කාන්තා රගර්වලට ඉස්සරහ ගැන සිතා බලන්න හොඳට ඉදිරිය පෙනෙන උස් කඳු සිරසක් තනා ඇත.ආසියානු සම්මේලන හොකී කුසලාන කාන්තා සූරතාවය සිංගප්පූරුවට ද අනු සූරතාවය චයිනීස් තායිපේ වෙත ද තෙවන තැන හොංකොං කණ්ඩායමට ද හිමි විය.පිරිමි සූරතාවය හිමි වූයේ ඕමානයටයි.අනු සූරතාවය කාන්තා අංශයේදී මෙන්ම චයිනීස් තායිපේ සතු විය.තෙවන තැන හිමි වූයේ බංගලාදේශයට ය.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...

එක්සත් ජනපද සහ රුසියානු ජනාධිපතිවරුන් එකඟතාවයකින් තොරව ඇලස්කාවෙන් පිටව යාමත් සමඟ සෙලෙන්ස්කි වොෂින්ටන් බලා පියාසර කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සමබන්ධයෙන්...