ට්‍රම්ප්, පුටින් කෙරෙහි කලකිරෙයි; විශ්වාසය අතහරියි

Date:

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සමඟ වතිකානුවේ පැවති සාකච්ජාවලින් අනතුරුව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් තමා කලකිරීමට පත්ව ඇති බවත්, කිසිදු විශ්වාසයක් නොමැති බවත් ප්‍රකශ කර තිබේ.

ඊයේ(27)දිනයේදී නිව්ජර්සි හි ගුවන් තොටුපළේදී මාධ්‍යවේදීන් අමතමින් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණේ, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ ට්‍රම්ප්ගේ සාම නියෝජිත ස්ටීව් විට්කොෆ් අතර සාකච්ඡා සිදුවන අතරතුර රුසියාව යුක්‍රේනයට බෝම්බ හෙලීම සම්බන්ධයෙන් තමා අතිශය පුදුමයට හා කනගාටුවට පත්වන බවයි.

ජනාධිපති ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රමුඛතම මාතෘකාවක් වූ යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපති ට්‍රම්ප් මෙන්ම ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ප්‍රකශ කර තිබුණේ, යුක්රේන සාම සම්බන්ධයෙන් දින කිහිපයක් ඇතුළත ප්‍රගතියේ පැහැදිලි සලකුණු නොමැති නම් එක්සත් ජනපදය සාකච්ඡා අත්හරින බවටත්, එක්සත් ජනපදයට අවධානය යොමු කිරීමට වෙනත් ප්‍රමුඛතා ඇති බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...