ට්‍රම්ප්, පුටින් කෙරෙහි කලකිරෙයි; විශ්වාසය අතහරියි

Date:

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සමඟ වතිකානුවේ පැවති සාකච්ජාවලින් අනතුරුව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් තමා කලකිරීමට පත්ව ඇති බවත්, කිසිදු විශ්වාසයක් නොමැති බවත් ප්‍රකශ කර තිබේ.

ඊයේ(27)දිනයේදී නිව්ජර්සි හි ගුවන් තොටුපළේදී මාධ්‍යවේදීන් අමතමින් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණේ, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ ට්‍රම්ප්ගේ සාම නියෝජිත ස්ටීව් විට්කොෆ් අතර සාකච්ඡා සිදුවන අතරතුර රුසියාව යුක්‍රේනයට බෝම්බ හෙලීම සම්බන්ධයෙන් තමා අතිශය පුදුමයට හා කනගාටුවට පත්වන බවයි.

ජනාධිපති ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රමුඛතම මාතෘකාවක් වූ යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපති ට්‍රම්ප් මෙන්ම ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ප්‍රකශ කර තිබුණේ, යුක්රේන සාම සම්බන්ධයෙන් දින කිහිපයක් ඇතුළත ප්‍රගතියේ පැහැදිලි සලකුණු නොමැති නම් එක්සත් ජනපදය සාකච්ඡා අත්හරින බවටත්, එක්සත් ජනපදයට අවධානය යොමු කිරීමට වෙනත් ප්‍රමුඛතා ඇති බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...