දඹුල්ල රෝහලේ කාර්ය මණ්ඩලයේ 63 දෙනෙකුට ඩෙංගු !

Date:

දඹුල්ල මූලික රෝහලේ කාර්ය මණ්ඩලයේ 63 දෙනෙකුට ඩෙංගු උණ රෝගය වැළඳී ඇති බවත් ඒ හේතුවෙන් රෝහලේ ප්‍රතිකාර සේවා පවත්වාගෙන යාම ගැටලු සහගත වී ඇති බවත් වාර්තා වේ.

වෛද්‍යවරුන් කිහිපදෙනෙකු, හෙදියන්, උපස්ථායකයින්, කම්කරුවන් ඇතුළු එම රෝහලේ විවිධ අංශවල සේවකයින්ට මෙසේ ඩෙංගු රෝගය වැළඳී ඇති බව සඳහන්.

රෝහලේ සමස්ත කාර්ය මණ්ඩලය ලෙස 550 දෙනෙකුට වැඩි පිරිසක් සේවය කරති.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී දඹුල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සමිත කන්නන්ගර මහතා සඳහන් කර තිබුණේ මේ තත්වය පිළිබඳව රෝහල් බලධාරීන් තමන්ව දැනුවත් කර ඇති බවත් ඒ අනුව රෝහල් පරිශ්‍රය මෙන්ම අවට ප්‍රදේශය ද පිරිසිදු කිරීමට කටයුතු කළ බවත් ය.

මේ වනවිට දිවයින පුරා ඩෙංගු රෝගය හිස ඔසවමින් පවතින අතර බස්නාහිර පළාත තුළ ඩෙංගු මර්දන සතියක් ද ක්‍රියාත්මක වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 14 ක සිර දඬුවමක් නියම වූ පාකිස්තානයේ හිටපු ඔත්තු සේවා ප්‍රධානී ෆයිස් හමීඩ්..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්තානයේ හිටපු ඔත්තු...

Brown University අසල වෙඩි තැබීමක් : දෙදෙනකු මිය යයි..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදයේ රෝඩ්...

Messi ගේ ඉන්දීය සංචාරය මෙසී වෙයි!

සටහන – පුලී දෙසැම්බර් 14, කොළඹ (LNW): කොල්කටාවේ සෝල්ට් ලේක්...

හේම කුමාර නානායක්කාර සර්වජන බලයේ ජ්‍යෙෂ්ඨ නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි.

මින් ඉදිරියට මා විසින් කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවී...