පරිසර පනතක් ඇතුළු නව නීති කෙටුම්පත් රැසක් ඉදිරි වසර තුළ ගෙන එනවා – ජනාධිපති

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): හරිත ආර්ථිකයක් ඇතිකිරීමට අදාළව නව පරිසර පනතක් ඇතුළු නව නීති කෙටුම්පත් රැසක් ඉදිරි වසර තුළ ගෙනඒමට අපේක්ෂා කරන බව ජනාධිපති පරිසර සම්මාන ප්‍රධාන උත්සවයට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය .

එම උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද පෙරවරුවේ පැවැත්වුණි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

“IMF ගිවිසුම පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී සහ ඊට පෙරත් නව ආර්ථිකයක අවශ්‍යතාව පිළිබඳ මම පෙන්වාදුන්නා. එය ඉහළ තරඟකාරීත්වයක් සහිත ආර්ථිකයක්. එය ඩිජිටල් ආර්ථිකයක් සහ හරිත ආර්ථිකයක් ද වියයුතුයි. ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය ආරම්භවීමත් සමඟ එම ප්‍රතිව්‍යුහගතකරණය මගින්ද ශ්‍රී ලංකාව හරිත ආර්ථිකයක් බවට පත්වීම ඉලක්ක කරගනු ලබනවා. එය ආරම්භයක් පමණයි තවත් බොහෝ දෑ ඉදිරියේදී සිදුකළ යුතුයි. අප හරිත ආර්ථිකයකට යාමේදී ඒ සඳහා නීති කෙටුම්පත් අවශ්‍යවෙනවා. එවැනි නව නීති කෙටුම්පත් රැසක් ඉදිරි වසර තුළ ඉදිරිපත් කෙරෙන අතර නව පරිසර පනතක් ද ඊට ඇතුළත්. මොකද අපේ පරිසර පනත සම්මත කරලා තියෙන්නේ 80 දශකයේ ඉන්පසු බොහෝ නව වර්ධනයන් ඇතිවී තිබෙනවා. කාලගුණ විපර්යාස පිළිබඳ පනත , ජීව පද්ධති පනත, එලෙස ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන අතර සිංහරාජය, හෝර්ටන් තැන්න නකල්ස් සහ මහවැලි ජෛව පද්ධති ලෙස ඇතුළත් කරන්න බලාපොරොත්තු වෙනවා. නැවත වනවගාව ඇතුළත් වන නව වනාන්තර පනතක් ගෙන ඒමට අදහස් කරන අතර මුතුරාජවෙල කලාපය ආරක්ෂාකිරීමේ නීති කෙටුම්පත් මෙන්ම මෙරට දර්ශනීය ස්ථාන සුරැකීමේ නීති කෙටුම්පතක් ඇතුළු නව නීති කෙටුම්පත් රැසක් සකස් කර ඉදිරි වසර තුළ ඉදිරිපත් කිරීමට අප කටයුතු කරනවා.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...