භාරතීපුරම් 8 පුද්ගල ඝාතනය : වසර 26කට පසු OIC ඇතුළු පොලිස් නිලධාරීන් 5 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් !

Date:

කන්තලේ භරතීපුරම් ගම්මානයේ පදිංචිව සිටි නිරායුධ දෙමළ වැසියන් අට දෙනකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් යම් කිසි සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන අවස්ථාවේ, එම ස්ථානයෙහිදී නීති විරෝධී රැස්වීමක සාමාජිකයින්ව සිටි බවට මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි භාරතීපුරම් පොලිස් ස්ථානයේ එවකට ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් හත් දෙනකු අතරින් විත්තිකාර පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පස් දෙනකු එකී චෝදනාවට වරදකරුවන් බවට උතුරුමැද පළාත්බද පූර්වගාමී මහහාධිකරණ විනිසුරු සහ කුලියාපිටිය වත්මන් මහාධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය මහතා පසුගියදා (26) තීන්දු කර තිබේ.

ඒ අනුව, හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පස් දෙනාට ජීවිතාන්තය දක්වා බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමටයි මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ.

මෙසේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූයේ කන්තලේ පොලිස් කොට්ඨාසයේ භාරතීපුරම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි කළ පොලිස් පරීක්ෂක ආර්. එම්. රණරාජා බණ්ඩාර, උප පොලිස් පරීක්ෂක ජී. එල්. සෝමරත්න පොලිස් සැරයන්වරුන් වන චන්ද්‍රරත්න බණ්ඩාර සහ කේ .එම් .නිහාල් ප්‍රේමතිලක සහ ආර් .ආර් .සෝමරත්න බණ්ඩාර මැදිවෙල යන යන අයට ය.

1998 වසරේ ජනවාරි මස 31 දින හෝ ඊට අසන්න දිනයක ත්‍රිකුණාමලය මහාධිකරණ බලප්‍රදේශයට අයත් කන්තලේ භාරතීපුරම් ගම්මානයේ පදිංචිව සිටි නිරායුධ දෙමළ වැසියන් 8 දෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට බලහත්කාරයෙන් රැගෙන විත් එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් යැයි චෝදනා කරමින් යම් සන්නද්ධ කණ්ඩායමක් ඔවුන්ට වෙඩි තබා මරා දැමූ අවස්ථාවේ දී එම නීති විරෝධී රැස්වීමේ සාමාජිකයන් ලෙස චේතනාන්විතවම මෙම විත්තිකාර පොලිස් නිලධාරීන් සිට ඇති බව අධිකරණ නඩු විභාගයේ දී ඔප්පු වී තිබිණි.

මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ අදාළ ඝාතනය සිදුවී වසර 26 කට පසුව ය. මෙම නඩුව මුලින්ම ත්‍රිකුණාමල මහාධිකරණයේ ගොනුකර තිබුණු නමුත් පසුව ආරක්ෂක හේතූන් මත නඩුව අනුරාධපුර මහාධිකරණයට මාරුකර තිබිණි. රජයේ රස පරීක්ෂක වාර්තාව ප්‍රමාද වීම ඇතුළු බොහෝ හේතූන් මත නඩු තීන්දුව මෙතරම් ප්‍රමාද වී ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගත්ත විදිහක් කියාගන්න බැරි වූ වත්කම්!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත්‍රයා වන රමිත් රඹුක්වැල්ලට...

සුජීවගේ තුන්වෙනි කවි පොතත් එළිදකියි! (PHOTOS)

කොළඹ LNW:ජනප්‍රිය උසස් පෙළ සිංහල ආචාර්ය සුජීව සිරිමෙවන් මහතාගේ...

අඳුරු නිමේෂයක යටගියාව සොයා “ක්‍රිෂාන්තිගේ අඩිපාරේ!”

සැප්තැම්බර් 13, කොළඹ (LNW): ඇය වූයේ උදාහරණයක්.අහිංසක සිහිනවලින් ගොඩනගාගත් සරල...