සටහන – රෂිකා හෙන්නායක
අප්‍රේල් 29, කොළඹ (LNW): සිසුන් ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ සියලු රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ඇතුලත් කර ගන්නා ආකාරය සඳහන් කරමින් වන අතර, එහි දැක්වෙන්නේ සියලු පෞද්ගලික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේදී කුසලතා පදනම් සිසුන් ඇතුළත් කිරීම සිදුනොකරන බවය.
එසේම අදාළ චක්‍රලේඛයේ සඳහන් උපදෙස් පමණක් සැලකිල්ලට ගනිමින් අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරන බව එහි සඳහන් වන අතර , සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විදුහල්පතිවරුන්ට අවශ්‍ය උපදෙස් නිකුත් කර ඇති බවද එම නිවේදනයේ දැක්වෙයි.