*
Thursday, May 16, 2024
spot_img

Latest Posts

සිංහල සිනමාවේ ‘රිදී රේඛාව’ ආචාර්ය ලෙස්ටර් ජේමිස් පිරිස් මතකාභිවන්දන

ජාත්‍යන්තර ගෞරවයට පාත්‍ර වූ ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු, තිර රචකයකු සහ චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වූ ශ්‍රී ලංකාභිමාන්‍ය ලෙස්ටර් ජේමිස් පීරිස් මහතාගේ හය වන ගුණානුස්මරණය අද(29)දිනට දී තිබේ.

ශ්‍රී ලංකාවේ මහා සිනමාකරු ලෙස්ටර් ජේමිස් පිරිස් ලෙස්ටර් ජේමිස් පීරිස් මහතා උපත ලබන්නේ 1919 අප්‍රේල් 05 වන දින දෙහිවල දීය. ඔහුගේ පියා වෛද්‍ය ජේම්ස් ෆ්‍රැන්සිස් පීරිස් වූ අතර මව ඈන් ගෙස්ට්‍රියට් විනිෆ්‍රච් ජයසූරිය වුවාය. ඔහුට සහෝදර සහෝදරියන් තිදෙනෙකි. ඉංග්‍රිසි රෝමානු කතෝලික පවුලක හැදී වැඩුණු ලෙස්ටර්ගේ ලේඛණ හ භාෂණ මාධ්‍ය වුයේ ඉංග්‍රිසි භාෂාවයි. ඔහු සිය මූලික අධ්‍යාපනය කොළඔ ශාන්ත පීතර විද්‍යාලයෙන් නිම කළ අතර 1939 දී ඔහු ටයිම්ස් ඔෆ් සිලෝන් පුවත්පතෙහි ඉන්දියානු සංස්කාරකවරයෙකු වූ ෆ්‍රෑන්ක් වොරේස් යටතේ සේවය කළේය. ඉන් අනතුරුව ඔහු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙහි කෙටි කාලයක් රාජකාරී කරණු ලැබීය.

අනතුරුව 1947 වර්ෂයේදී වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තය බලා පිටත්ව ගිය ලෙස්ටර් 1947 දී එංගලන්තයේ සිට Times of Ceylon පුවත්පතේ වාර්තා කරුවෙකු ලෙසින් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරන ලෙස්ටර් මුලින්ම චිත්‍රපටකරණයට පිවිසෙන්නේ එහිදීය.

කටේ කිරි සුවඳ යන්නට පවා බැරි උනා …

මේ අවධිය දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් පසු ලොව පුරා දේශපාලන හා සාමාජිය වශයෙන් බරපතල වෙනස් වීම් සිදු වූ අවධියක් වූ අතර එය ලෝක සිතියම ද වෙනස් කළේය.මෙම සමාජ පරිවතනය හේතුවෙන් ලොව පුරා සිනමාව හා කලාව පිළිබඳ අලුත් කතිකාවක් හා මතවාද ඇති කරලු අතර ඉතාලිය හරහා ගොඩ නැගුණු එම සිනමා සම්ප්‍රදාය ලොව පුරා සිනමාව කියැවිමෙහිලා මහත් බලපෑමක් කළේය.ඒ වන විට එංගලන්තයේ ජීවත් වු ලෙස්ටර් නම් තරුණයා අලුත් සිනමාවෙන් මහත් ආශ්වාදයක් ලද්දේය.

එහිලා වැදගත්ම කාරණය නම් මෙරටින් පිටව යද්දී ද ඔහු ලෝකයේ මහා සිනමාව පිළිබද ප්‍රමාණාත්මක දැනුමක් ඇත්තෙකු වීමය. ඔහු ඒ වන විටත් බිහි ව තිබූ ලොව විශිෂ්ටතම සිනමා කෘතිය ලෙස අදත් සළකනු ලබන සිටිසන් කේන් නරඹන්නේ නිව් ඔලිම්පියා සිනමාහලේය.ආසියාවේ පැරණිතම සිනමා සංගමය වන කොළඹ සිනමා සමාජයේ සාමාජිකයකු වන ලෙස්ටර් තරුණයා එමගින් ප්‍රදර්ශණය කරන ලද විශිෂ්ට සිනමාවේ ආශ්වාදය ලැබුවකු විය. එහිදී දෙවන ලෝක යුද්ධයෙන් පසු සිනමාව තුළ ඇති වූ නව තාත්විකත්වය පිළිබඳ හොඳ කියවීමක් මෙන් ම අධ්‍යනයක් ලැබීමට ඔහු සමත් විය. ඒ අනුව යමින් 1950 දී නිර්මාණය කරන ලද Farewell to Childhood ඔහුගේ මුල්ම කෙටි චිත්‍රපටයකි.

බ්‍රිතාන්‍යට ගොස් සිනමාවේ සියලු හැඩතල උගත් ලෙස්ටර් 1956 වසරේ රේඛාව මඟින් ඊට හෙළ ලකුණු මුසු කිරීමට සමත් විය.

ඕලු නෙළුම් නෙරිය රඟාලා – කිකිණි හඬන වලා නගාලා
ගඟුල් තොටිල්ලේ මල් ඇතිරිල්ලේ – මගේ කුඩා ඔරුව හබල් ගා
යමු නැළැවිල්ලේ..
ඇදී ඇදී යන්න නදී රිදී තොටිල්ලේ…………

චිත්‍රාගාරයෙන් බැහැරව එළිමහනක් තුළ නිර්මාණය වන රේඛාව චිත්‍රපටයත් සමඟ ඇර‌ඹෙන්නේ ලාංකීය සිනමාවේ ස්වර්ණමය යුගයයි. සිනමාව මායාවක් කළ චිත්‍රාගාර අමුද්‍රව්‍ය මෙන්ම කෘතීම රූ රටා වෙනුවට හුදී ජන ව්‍යවහාරය සිනමාවට ආරෝපණය කිරීමට මෙහිදී ලෙස්ටර් සමත් විය.

රේඛාව චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට කලින් සිංහල චිත්‍රපට 42ක් නිපදවා තිබුණ මුත් 1956 රේඛාව බිහිවීම අපේ හැරවුම් ලක්ෂයක් විය. එය සිංහල සිනමා ව තුළ හඳුනාගන්නේ පළවෙනි කැරැල්ල ලෙසටය. ලෙස්ටර් රේඛාව හරහා පළමුවන සිනමාරූපී චිත්‍රපටය ලබා දීමට සමත් විය.

ලෙස්ටර් රේඛාව මඟින් ලෙස්ටර් සිංහල ගීත කලාවක ආරම්භය සනිටුහන් කරණු ලැබීය.

ලෙස්ටර් සිනමාකරණයට බිහිවන අවධිය තුළ ලෝකයේ සිනමාව පිළිබද ආකල්ප වෙනස් කළ අලුත් පරම්පරාවක් ඒ ඒ රට වල බිහිවිනි. සත්‍යජිත් රායි,අකිර කුරොසව,ලින්ඩ්සේ ඇන්ඩර්සන් ඇලන් රෙනේ වැනි සිනමාකරුවන් බිහිවුණේ එම යුගයේය. මෙකල බිහිවූ සිනමා නිර්මාණ තුළ මිනිසුනගේ ජන විඥාන ධාරාව හරහා යමින් ඔවුන්ගේ ජීවිතය නිරාවරණය කිරීම එම සිනමාවේ කැපී පෙනෙන ලක්ෂණයක් වූ අතර එහිදී අන් සියලු සිනමාකරුවන්ට වඩා ආචාර්ය ලෙස්ටර් වෙනස් වන කාරණායක් වෙයි.

ඒ ඔහු වෘතාන්ත සිනමාකරුවකු වන්නට ප්‍රථමයෙන් වාර්තා සිනමාකරුවකු ලෙස නමක් දිනීමය. ඔහු ලංකික ජන සමාජය හඳුනා ගැනීමේ මුල් පියවර තබනුයේ ඒ අනුවය.රේඛාව බිහි කිරිමෙහිලා සිය වෘත්තිය ජීවිතය කැප කළ ද එය පිළි ගන්නට ලාංකික ජන සමාජයක් එකල නොවීය.සිනමා වෘතාන්තකරණය මෙන්ම විචාරය ද පැවැතියේ ඉන්දියානුකරණයේ ගිලෙමිනි.

රේඛාවෙන් උපන් උද්යෝගයෙන් අනතුරුව ලෙස්ටර් විසින් ගම්පෙරළිය (1963) කලියුගය (1982) යුගාන්තය (1983) මාර්ටින් වික්‍රමසිංහයන් විසින් ග්‍රාමීය පරිසරය, නාගරීකරණය වෙන ආකාරයත්, ඒ හේතුව නිසා මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වෙනස් වන ආකාරයත් පරම්පරා තුනක් ඔස්සේ දිගහරින්න මේ තෙවදෑරුම් නිර්මාණයන්ට ප්‍රාණය පිඹින්නට ලෙස්ටර් සමත් විය. එවකට පැවැති පළමු සරසවි සම්මාන උලළේදී හොඳම අධ්‍යක්ෂකවරයාට හිමි සරසවි සම්මානය දිනා ගැනීමට ගම්පෙරළිය සිනමා නිර්මාණය වෙනුවෙන් ලෙස්ටර් සමත් විය. මීට අමතරව තුන්වැනි මොස්කව් සිනමා උළෙලට නිර්දේශ වීමට අවස්ථාවක්ද මේ හරහා ලැබිණී.

පෘතුගීසිකාරයා රටවල් අල්ලන්න සූරයා….

ලෙස්ටර් විසින් නිර්මාණය කළ නිධානය චිත්‍රපටය සිංහල සිනමාවේ විශිෂ්ටතම චරිතාංග චිත්‍රපටය ලෙස සැලකේ.

නිධානය සිනමා නිර්මාණය ජේ.බී. සේනානායකගේ කෙටි කතාවක් අළලා කරන ලද්දකි. මේ තුළ තිර රචනය, කැමරාකරණය, සංස්කරණය, සංගීතය, කලා අධ්‍යක්ෂණය, වේශ නිරූපණය ආදී සෑම අංගයක් ම විශිෂ්ට තත්ත්වයෙන් දක්නට විය.

මෙම කතාවට පාදක වන්නේ නිධානයක් ලබා ගැනීමේ පරමාර්ථයෙන් සිය බිරිඳ වන අයිරින් බිල්ලට දෙන විනී අබේනායකගේ පසුතැවිල්ලයි.

සැබැවින්ම නිධානය එතෙක් පැවති සිනමා නිර්මාණ සියල්ල අතික්‍රමණය කරමින් ජනාදරයට පාත්‍ර වීමට සමත් වූ අතර සිංහල සිනමා වංශයේ සදාතනික සිහිවටනයක් ලෙස නිධානය සිනමා නිර්මාණය හැදින්විය හැකිය.

රැජින මමයි
අපේ රාජ්ජේ ….

මෙම චිත්‍රපටය ඉතාලියේ වැනිස් ජාත්‍යන්තර චිත්‍රපට උලෙළේ දී ලැබුණු රජත සිංහ සම්මානය (SILVER LION OF ST. MARK), කොරියාවේ 4 වැනි පූසාන් අන්තර් ජාතික චිත්‍රපට උලෙළේ ආසියාවේ නිර්මාණය වූ නිර්මාණ අතරින් එකක් ලෙස නිර්දේශ වන්නට විය. එනම් ඉන්දියාවේ සත්‍යජිත් රායිගේ පාතර් පංචාලී, ජපානයේ අකිර කුරසෝවාගේ රෂෝමන් අතරට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව ද හොඳම චිත්‍රපට 13 න් එකක් බවට පත් වීම එම සම්මාන අතරින් කීපයකි.

ලෙනාඩ් වුල්ෆ් රචනා කරන ලද ඒ.පී.ගුණරත්නයන් පරිවර්තනය කරපු “බැද්දේගම” ආචාර්ය ලෙස්ටර් විසින් නිර්මාණය කරන ලද තවත් කෘතහස්ත නිර්මාණයක් වේ.

සංදේශය, රන්සළු, දෙලොවක් අතර, ගොළු හදවත, වෑකන්ද වලව්ව, අම්මාවරුණේ ආදී චිත්‍රපට 20ක් පමණ ලෙස්ට විසින් හෙළ සිනමාවට දායාද කර ඇති අතර ඒවා ශ්‍රී ලාංකීය පවුල් සංස්ථාවේ ගැමි ජීවිත තුළින් ලබා ගත් අත් දැකීම් අනුසාරයෙන් නිෂ්පාදනය වූ ඒවා විය.

කියැවීමෙන්, සංචාරයෙන් හා සමාජ අත්දැකීමෙන් බහුශ්‍රැත වූවත්, ලෙස්ටර් අවස්ථා ගණනාවකදී ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද සම්මානයට පාත්‍ර විය.

1956 – රේඛාව – කාන්ස් සිනමා උළෙල
1981 – බැද්දේගම – ප‍්‍රංශ කාන්ස් ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය
1981 – බැද්දේගම – ලන්ඩන් සිනමා උළෙල නියෝජනය
1982 – කලියුගය -ප‍්‍රංශ කාන්ස් ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය
යුගාන්තය – ජනාධිපති සම්මානය – හොදම අධ්‍යක්‍ෂණය
1985 – යුගාන්තය – මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය
පිං හාමි – මොස්කව් ළමා චිත‍්‍රපට උළෙල නියෝජනය හා ප‍්‍රථම ත්‍යාගය ලබා ගැනීම.
1997 ජනාධිපති සම්මාන උළලේ ‘ගෝල්ඩන් ලයන්’ (ස්වර්ණ සිංහ සම්මානය)
2000 ‘දිල්ලි’ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය- මයුර සම්මානය
2001 ‘ස්වර්ණ පද්ම’ සම්මානය- ආසියානු සිනමාව සදහා දැක් වූ දායකත්වය වෙනුවෙන් 2002 ආසියානු සිනමා සංස්කෘතිය පිළිබද වූ සම්මානය

මිට අමතරව 1985දී කොළඹ සරසවියෙනුත්, 2003දී පේරාදෙණිය සරසවියෙනුත් ඔහුට ගෞරව ආචාර්ය උපාධි ලැබීමට භාග්‍ය සම්පන්න විය.

සිංහල සිනමාවේ පීතෘවර ආචාර්ය ලෙස්ටර් ඔහුගේ අභාෂයෙන් පසුකාලීනව බිහි වූ නවක නිර්මාණකරුවන් රැසකගේ සිනමාව සාදරයන් වැළද ගැනීමට සමත් වෙයි. ඒ අතර ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර, ධර්මසිරි බණ්ඩාරනායක, තිස්ස අබේසේකර ආදීන් විශේෂයෙන්ම හඳුන්වාදිය හැකි අතර ඔවුන් සිනමාවේ විවිධ අත්හදා බැලීම් කිරීමට සමත් වූ අතර ඒ හරහා ප්‍රත්‍යක්ෂ වශයෙන්ම නව සිනමා නිර්මාණයන් බිහි විය.

අසිමත් ලෙස වැඩුනු දේදුනු
කළුවලා පෙම් යට වුනා
මිහිරියාවිය අනේ දවසක
ඔබේ හදවත ‍ගොළුවුනා….

පවුරු බැදගෙන ‍සිතක වැජබුනු
රසවතී නැ කොයි ගියා….

සිංහල සිනමාවේ රිදී තිරය වෙනුවෙන් සිය ජීවිතයේ අඩසියවසක්ම කැපකළ මෙම අසහාය නිර්මාණවේදී යුග පුරුෂයා මිය යන තෙක්ම ජීවත් වූයේ අංක 24 ඩික්මන් පාර කොළඹ 05 දරණ ලිපිනයේ පිහිටි කුලී නිවසකය.
වාණිජ පරමාර්,යෙන් තොරව අව්‍යාජ හැඟීමෙන් ඔහු කරන ලද නිර්මාණ තවත් දශක ගණනාවක් යන තෙක් රසික හදවත් තුළ ජීවමාන වනු ඇත. සිංහල සිනමාවේ පීතෘවර ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් නාමය මෙරට සිනමා වංශකතාව තුළ සදාතනික ”රිදී රේඛාවක්”, ”නිධානයක්ම” වනු ඇත.

2002දී ඉන්දියානු සිනමාකරු බික්රම් සිං (Bikram Singh) අධ්‍යක්ෂණය කළ ‘පීරිස්ගේ ලෝකය’ (The World of Peries) නම් වාර්තා චිත්‍රපටයේ අවසානයේ ලෙස්ටර් මෙසේ ප්‍රකාශ කර තිබිණ. එනම්,”මා අඩ සියවසක් පමණ කාලයක් තිස්සේ චිත්‍රපට හැදුවා. එය හරියට දිගු කාලීන වන්දනා ගමනක් වගේ. නමුත් මා සළකන හැටියට මගේ ජීවිතය සාර්ථකයි. මගේ සහෝදර ජනයා මට මහත් ආදරයෙන් සලකනවා. මගේ චිත්‍රපට හරහා මා ඔවුන්ට (හරවත්) යමක් ලබාදී ඇතැයි මා සිතනවා.”

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan