Sunday, March 26, 2023
spot_img

Latest Posts

ගෑස් සැපයුම අඩකටත් වැඩියෙන් අඩු කරයි. දරවලට යන්නැයි ජනතාවට කියයි …

දිනපතා වෙළඳපොලට නිකුත් කළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර ප්‍රමාණයක අඩකටත් වඩා වැඩි ප්‍රමාණයකින් අඩුකිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව දෛනිකව නිකුත් කළ සිලින්ඩර 80,000ක ප්‍රමාණය 30,000ක් දක්වා අඩුකිරීමට සිදුවන බවයි එම සමාගමේ නව සභාපති විජිත හේරත් මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.

මෙරට මාසික ගෑස් ඉල්ලුම සැපිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 30ක් පමණ අවශ්‍ය වන අතර මේ වනවිට රටේ පවතින විදේශ විනිමය අර්බුදය අනුව එම වියදම දැරීමට කොහෙත්ම නොහැකි තත්වයක් උද්ගතව ඇති නිසා මෙසේ සැපයුම අඩුකිරීමට සිදුවන බවත් සභාපතිවරයා සඳහන් කර තිබේ.

ඒ අනුව දර සපයා ගත නොහැකි නගරවල සිටින 28%ක් ගෑස් පාරිභෝගිකයින්ට පමණක් ගෑස් ලබාදීමට සිදුවන අතර අනෙක් අයට දර භාවිතා කිරීමට සිදුවනු ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කර ඇති බව සඳහන්.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.