සටහන – රුවන් නෙළුගොල්ල
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කරමින් ගොනුකර ඇති නඩුව අද (29) යළි කැඳවීමට නියමිතව තිබේ.
ඒ, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ය.
2023 වසරේදී එවකට ජනාධිපතිවරයාව සිටියදී සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහා එංගලන්තයේ පෞද්ගලික සංචාරයක නිරත වෙමින් දින එකහමාරක් තුළ රුපියල් ලක්ෂ 166ක මුදලක් අවභාවිතා කළ බවට චෝදනා කරමින් පසුගිය වසරේදී රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කෙරෙනු අතර ඒ මහතාව අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර පසුව ඇප මත නිදහස් කෙරිණි.
කෙසේවෙතත් රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය සඳහන් කර තිබුණේ මෙම සංචාරය එංගලන්තයේ වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයෙන් ලද නිල ආරාධනයකට අනුව සිදුකළ නිල සංචාරයක් බවකි.
මෙම සංචාරය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගෙන් ද ප්‍රකාශයක් සටහන් කරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 24 වනදා කටයුතු කර තිබිණි.


