හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ලන්ඩන් සංචාරය පිළිබඳ නඩුව අද (29) කොටුව මහේස්ත්රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබේ.
එහෙත් අද දිනයේදී රනිල් වික්රමසිංහ මහතාත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකර මහතාත් යන දෙදෙනාම මෙම නඩුවට සහභාගී වීමට නොපැමිණෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
ශානි අබේසේකර මහතා විදෙස්ගත වී සිටින බැවින් ඔහුට අද දිනයේ අධිකරණයට පැමිණීමට නොහැකි වන අතර රනිල් වික්රමසිංහ මහතා අසනීපයෙන් පසුවන බැවින් ඔහුත් අද දිනයේදී අධිකරණයේ පෙනී නොසිටිනු ඇති බව ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.


