මෙරට හිටපු ජනාධිපතිවරුන් තිදෙනෙකුටම කළ නොහැකිවූ ෂම්මි සිල්වා ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සභාපති ධුරයෙන් ඉවත් කිරීම තමන් විසින් සිදුකළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය හිතවත් නිලධාරීන් පිරිසක් සමග පවසා ඇති බව වාර්තා වේ.
ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ ෂම්මිගේ ඉවත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සුබපැතීම සඳහා ඊයේ (28) පස්වරුවේ පැමිණි නිලධාරීන් පිරිසක් සමග ය.
එසේම මේ වනවිටත් මේ සම්බන්ධයෙන් සුබපතමින් ජනාධිපතිවරයාට දුරකථන ඇමතුම් රාශියක් ලැබෙමින් පවතින බවත් ආරංචිමාර්ග පැවසීය.
ෂම්මි සිල්වා මුල්වරට ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සභාපති ධුරයට පත්වූයේ 2019 පෙබරවාරි මාසයේදී ය. ආරම්භයේ පටන්ම ඔහුට එරෙහිව විවිධ චෝදනා එල්ල වූ නමුත් මෛත්රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්රමසිංහ යන ජනාධිපතිවරුන් තිදෙනාටම ඔහුව ක්රිකට් සභාපති තනතුරින් ඉවත් කිරීමට හැකිවූයේ නැත.


