විදුලි ගාස්තු සංශෝධනය ගැන තීරණය මැයි 09 දා!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:සංශෝධිත විදුලි ගාස්තු පිළිබද තීරණය මැයි මස 9 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව 2026 අති විශේෂ විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සම්බන්ධයෙන් මහජන උපදේශනය අද (29) සිට ආරම්භ කරන බවයි එම කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

ලෝක වෙළදපොලේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් 2026 වසරේ දෙවන හා තෙවන කාර්තු සදහා විදුලි ජනනයට අදාළ සංශෝධිත පිරිවැය ඇස්තමේන්තුවක් නැෂනල් සිස්ටම් ඔපරේටර් පුද්ගලික සමාගම විසින් පසුගිය අප්‍රේල් 27 වන දින ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබේ.

මෙම පිරිවැය ඇස්තමේන්තුව පදනම් කරගෙන ක්‍රියාවට නැගීමට යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපදේශනයක් පැවත්වීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර ඇති අතර යෝජිත විදුලි ගාස්තු සංශෝධනයට අදාල උපදේශන පත්‍රිකාවේ පහත සඳහන් කරුණු අඩංගු කර ඇත.

  • රුපියල් බිලියන 15ක රජයේ සහනාධාරය මැයි 10 සිට විදුලි පාරිභෝගිකයින්ට ලබා දීම
  • ගෘහස්ත සහ ආගමික සිද්ධස්ථාන ඇතුළු විදුලි පාරිභෝගිකයින් සියයට 95කට රජයේ සහනාධාරය මත ගාස්තු ඉහල නොදැමීමට නිර්දේශ
  • පොදු කාර්ය, රාජ්‍ය ආයතන හා සංචාරක හෝටල් යන කාණ්ඩවල මාසික පරිභෝජනය ඒකක 180ට වඩා අඩු අනු කාණ්ඩ සදහා ද ගාස්තුව ඉහළ නොදැමීමට නිර්දේශ
  • කර්මාන්ත අංශයේ පළමු අනුකාණ්ඩය සදහාද විදුලි ගාස්තු ඉහල නොදැමීමට නිර්දේශ
  • ගල් අගුරු තත්වය හේතුවෙන් සිදුවන අතිරික්ත පිරිවැය විදුලි ගාස්තු වලට ඇතුළත් නොකිරීම තවදුරටත් තහුවරු කිරීමේ පියවර

2026 වසරේ දෙවන හා තෙවන කාර්තු සඳහා විදුලි ජනන පිරිවැය ඉහළයාම හේතුවෙන් නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගමට රුපියල් බිලියන 38ක හිඟයක් ඇතිවන බවට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඇස්තමේන්තු කර තිබේ.

මෙම හිඟය තුළ ගල්අඟුරු තත්ත්වය හේතුවෙන් විදුලි ජනනය සඳහා බලපෑ අතිරේක වියදම් අඩංගු කර නොමැති අතර සමස්ත හිගයෙන් රුපියල් බිලියන 15ක් සහනාධාර වශයෙන් ලබා දීමේ රජයේ තීරණය මහ භාණ්ඩාගාරය විසින් කොමිෂන් සභාව වෙත දැනටමත් දන්වා ඇත.

නැෂනල් සිස්ටම් ඔපරේටර් පුද්ගලික සමාගම ඉදිරිපත් කළ විදුලි ජනන පිරිවැය ඇස්තමේන්තු සමාලෝචනය කිරීමෙන් අනතුරුව කොමිෂන් සභාව විසින් සකස්කළ විදුලි ගාස්තු සංශෝධන උපදේශන පත්‍රිකාව අද (29) දින ප්‍රකාශයට පත්කෙර්.

එම උපදේශන පත්‍රිකාව පරිශීලනය කර සියලූම පාර්ශ්වයන්ට අදහස් හා යෝජනා ඉදිරිපත් කළ හැකිය.

ඒ අනුව 2026 මැයි 6 වන දින දක්වා ලිඛිත අදහස් හා යෝජනා භාර ගන්නා අතර වාචික අදහස් දැක්වීමේ සැසිය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතයි.

මහජන අදහස් හා යෝජනා තැපෑලෙන්, ඊමේල්, වට්ස්ඇප් හෝ ෆැක්ස් මගින් ඉදිරිපත් කළ හැකි අතර වාචික අදහස් දැක්වීම සඳහා පුර්ව ලියාපදිංචිය අවශ්‍ය වන අතර දුරකථන අංක 076 427 1030 අමතා ලියාපදිංචි විය හැකියි.

මහජන අදහස් දැක්වීම සඳහා ,තැපෑලෙන්:

2026 විශේෂ විදුලි ගාස්තු සංශෝධනය පිළිබද මහජන උපදේශනය
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව,
6 වන මහල, ලංකා බැංකු වෙළද කුළුණ,
ශාන්ත මයිකල් පාර
කොළඹ 3

ඊමේල්: [email protected]

ෆැක්ස්: 0112392641

වට්ස්ඇප්: 0764271030

වැඩිදුර විස්තර සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ආයතනික සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් (077 294 3193) අමතන්න.

ඉදිරිපත් වන අදහස් හා යෝජනා සැලකිල්ලට ගෙන ඉදිරි විදුලි ගාස්තු පිළිබඳ අවසන් තීරණය 2026 මැයි 9 වන දින ප්‍රකාශයට පත්කිරීම සදහා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...