සීතල යුද්ධයට විරාමයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 30, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):දිනෙන් දින දිග්ගැස්සෙමින් මාස ගණනාවක් පුරා පවතින ගාසා තීරයේ යුද්ධය තාවකාලිකව නතර කිරීම සම්බන්ධයෙන් මේවන විට සුභවාදී තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට උදාවන්නේ, ප්‍රාණ ඇපකරුවන් නිදහස්කර ගැනීම සඳහායි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අවතැන් වූ පවුල්වලට උතුරු ගාසා තීරයට ආපසු යාමටද මෙමඟින් අවස්ථාව උදාවන බවයි. ඊශ්‍රායලයේ මෙම තීරණය “අසාමාන්‍ය ත්‍යාගශීලී” තත්ත්වයක් බව දේශපාලන විචාරකයින් පවසයි. දකුණු දිග ඊශ්‍රායලයට, හමාස් සටන්කාමින් පළමු ප්‍රහාරය එල්ල කළේ ඉකුත් වසරේ ඔක්තෝම්බර් 07 වනදා වන අතර, එහිදී පුද්ගලයින් 1,200ක් මියගියා. පසුව ඊශ්‍රායල් ප්‍රහාරවලින් මේ දක්වා මියගොස් ඇති සංඛ්‍යාව 34,480කි. ඉකුත් වසරේ නොවැම්බර් මාසයේදී ද සතියක සටන් විරාමයක් ක්‍රියාත්මක වුණ අතර, එහිදී හමාස් සටන්කාමීන්, ප්‍රාණ ඇපකරුවන් 105 දෙනෙකු හා ඊශ්‍රායලය, පලස්තීන සිරකරුවන් 240 දෙනෙකුද නිදහස් කළ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කණිෂ්ඨයෝ දහස ඉක්මවා රොඳ බඳින ජාතික බැඩිමින්ටන් සූරතාවලිය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: මෙවර ජාතික බැඩිමින්ටන් සූරතාවලියට...

අපිත් ඒ කාලේ ලක්ෂ සීය,දෙසීය,තුන්සිය තෑගී දුන්නා. ආපහු ගත්තෙත් නෑ – වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට ආණ්ඩුව...

අනීතිකව උපයාගත් දේපල ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : 2025 වසරේදී මෙන්ම...

ගිලා බැසීමෙන් අවහිර වී තිබූ කාසල්රි මාර්ගය නැවතත් ගමනාගමනයට ඉඩ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ඊයේ (12) දින...