*
Tuesday, May 21, 2024
spot_img

Latest Posts

ද්විපාර්ශවික ගුවන් සේවා ගිවිසුමකට කැබිනට් අනුමැතිය!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 30, කොළඹ (LNW): ශ්‍රී ලංකාව සහ කසකස්ථානය අතර ද්විපාර්ශවික ගුවන් සේවා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

රජය පවසන්නේ, කසකස්ථානය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් සේවා කටයුතු දියුණු කිරීම සඳහා දෙරටේ ගගන නාවික අධිකාරීන් අතර ගුවන් සේවා ගිවිසුමක් අත්සන් තැබීම පිණිස 2015-5-13 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබුණද එකී ගුවන් සේවා ගිවිසුම මේ දක්වා අත්සන් කිරීමට හැකිවී නැති බවයි.

තවද, යෝජිත ගුවන් සේවා ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවේ කවර හෝ ස්ථානයක සිට කසකස්ථානයේ ඇස්ටානා හෝ අල්මැටි දක්වා නිශ්චිත ගමන් මාර්ග ඔස්සේ සතියකට ගමන් වාර හතක් ගුවන් සේවා මෙහෙයවීමට අපේක්ෂා කරන බවද පවසයි.

ඒ අනුව දෙපාර්ශවය විසින් එකඟතාවයට පැමිණ ඇති ගුවන් සේවා ගිවිසුමට අත්සන් තැබීම පිණිස වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බව සඳහන් වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan