අක්කර 22ක ඉඩම් මංකොල්ලයක් මන්ත්‍රී වසන්ත යාපාගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 30, කොළඹ (LNW):අද(30) දින පා.ම. නීතිඥ වසන්ත යාපාබණ්ඩාර විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ මහනුවර හන්තාන ඌරාගල වතුයායේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් අක්කර 22 ක ඉඩම් ප්‍රමාණයක් අනීතිකව පෞද්ගලික අංශයට ලබාදීම සම්බන්ධයෙන් පැමිණිලි කළ බව සඳහන් වේ.

මන්ත්‍රීවරයා ඒ පිළිබඳ තවදුරටත් පැවසූවේ,

“මහනුවර දිස්ත්‍රික්කයේ රාජ්‍ය දේපල අනීතික විදියට පෞද්ගලික අංශයට ලබාදීමේ විශාල දූෂිත ක්‍රියාවලියක් සිදු වෙනවා. මේ වෙනකොට හන්තානේ, මහවැලි ගඟේ ජල පෝෂිත ප්‍රදේශයේ ඉඩම් අනීතිකව තමන්ගේ ගජ මිතුරන්ට දෙන තත්වයක් උදාවෙලා තිබෙනවා. මේ වෙනකොට මහනුවර උඩුවෙල ඌරාගල කියන වතුයායේ අක්කර 22ක් ඉඩම් ප්‍රමාණයක් වැට කම්බි ගහලා අනීතිකව වෙන්කරගෙන. ඉඩම් කට්ටි කරන පෞද්ගලික සමාගම් එක්ක එකතු වෙලා JEDB එකේ ප්‍රධානීන් අධිකරණයත් නොමග යන තත්වයට පත්වෙලා තිබෙනවද කියලා අපිට සැකයක් මතුවෙලා තිබෙනවා. පහුගිය කාලේ මේ ඌරාගල වතු⁣යායේ ප්‍රදේශවාසීන්ට මිනියක් වලදමන්නවත් මේ නිලධාරීන් ඉඩදුන්නේ නැහැ. නමුත් අද වෙනකොට මේ ඉඩම් අක්කර ගණන් පෞද්ගලික අංශය අනීතිකව අත්පත් කරගන්න වෙලාවේදී මේ නිලධාරීන් කිසිඳු විරෝධයක් නොදක්වා හබ කිරීමකින් තොරව අපි සමතයකට එන්න කැමතියි කියන ආකාරයට අධිකරණයට නිර්දේශ කරන තැනට මේ අය අද පත්වෙලා. මහනුවර දිස්ත්‍රික්කයේ මේ රාජ්‍ය දේපළ ආරක්ෂා කර ගැනීමටත්, හන්තාන රක්ෂිතයත්, මහවැලි ගඟේ ජල පෝෂිත ප්‍රදේශයන් ඇතුළු මේ ස්වභාවික පරිසරය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අපි පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් නොබියව සටන් කරනවා.” ලෙස හෙතෙම පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Update:අම්බලන්ගොඩ වෙඩි තැබීමෙන් තුවාල ලද ව්‍යාපාරිකයා ජීවිතක්ෂයට!

කොළඹ LNW:අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රයේ සිදු වූ වෙඩි තැබීමෙන්...

Update : අම්බලන්ගොඩ නගර සභාව අසල වෙඩිතැබීමෙන් ව්‍යාපාරිකයකුට තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ (04) උදෑසන...

මහපොළ ශිෂ්‍යාධාරය තවත් වැඩි වෙන ලකුණු!

කොළඹ LNW:වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත...

අම්බලන්ගොඩ නගර සභාව අසල වෙඩිතැබීමක් !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ අද (04)...