*
Tuesday, May 21, 2024
spot_img

Latest Posts

(VIDEO):හිතුවේ බදු හොරු ගැන අහයි කියල.ඒත් ඇහුවේ පරණ ප්‍රශ්න වැලමයි – CID ගිය චම්පික

කොළඹ LNW:”හිතුවෙ බදු හොරු, බැංකු පොලුකාරයො, අත්‍යවශ්‍ය ආහාරවලින් ගසා කාපු හොරු ගැන හොයන්න කතා කරනවා කියලා. ඒත් ඇහුවෙ පාස්කු ප්‍රහාරය ගැන කුමන්ත්‍රණයක් තිබ්බද කියලා.” යනුවෙන් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධව තමන් පාර්ලිමේන්තුවේ අවස්ථා පහක දී කරුණු දක්වා තිබෙන අතර කිසිම දෙයක් සඟවා නැති බවයි රණවක මහතා කියාසිටියේ.

”ජනාධිපති කොමිෂන් සභාව, මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පහළොස් දෙනෙක් ගැන කරුණු එවලා තියෙනවා. හිටපු ජනාධිපතිතුමා, වර්තමාන ජනාධිපතිතුමා,දැන් ඉන්න පොලිස්පතිතුමා ඇතුළු දැනට ලංකාවේ ඉන්න නියෝජ්‍ය පොලිස්පතිවරු ඇතුළු, කණ්ඩායමක් සම්බන්ධයෙන් අපරාධ නඩු පවරන්න කටයුතු කරන්න. එහෙම නැත්නම් ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරන්න කියලා. ඒ කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැතුව අපිව කැඳව, කැඳවා මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා. මං හිතනවා ඊළඟ ආණ්ඩුවක මේ ආණ්ඩුවෙන් මේක වෙන්නෑ. ඊළඟ ආණ්ඩුවක වැදගත්ම දේ තමයි මේ අපරාධය පිළිබඳ නොවිසඳුණු ප්‍රශ්න විසඳලා මේ සැක දුරු කරලා මියගිය 270 දෙනාටත් තුවාල ලැබූ 470කට අධික පිරිසටත් යුක්තිය ඉෂ්ඨ කරනවා. ඒ වගේම මේ දැනට මේ රටේ ක්‍රියාත්මක වෙනවා දේශපාලන පාතාලයක්. ඒ දේශපාලන පාතාලයට ඕන විදිහට දේශපාලන පළිගැනීම් සඳහා මේ පොලිසියත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත්, මේ පරීක්ෂණ අංශත් ගැනීම ගැන අපි තරයේ හෙළා දකිනවා. අනාගතයේ අනිවාර්යෙන්ම පොලීසියත්, අපරාධ පරීක්ෂණ අංශත්, ඒ වගේම බුද්ධි අංශත් ස්වාධීන කළ යුතුයි. එහෙම නැත්නම් මේ දේශපාලන පාතාලයට අවශ්‍ය විදිහට මේවා හැසිරෙන්න තියෙන ඉඩකඩ වැඩියි.” යනුවෙන් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan