මඩකලපු කාන්තාවන් ඇමති පිල්ලෙයාන් සහ ගෝලයින්ට සෙරෙප්පුවෙන් ගසා පන්නයි … (VIDEO)

Date:

මඩකලපු ප්‍රදේශයේ මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයක් විවෘත කිරීම සඳහා පැමිණි රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට ප්‍රදේශයේ ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

අදාළ ව්‍යාපෘතිය සුළු පිරිසකට පමණක් ප්‍රතිලාභ ලැබෙන්නක් බවටත් එයින් ප්‍රදේශයේ ධීවර කර්මාන්තයට අහිතකර බලපෑම් එල්ල වන බවටත් ප්‍රදේශයේ කාන්තාවන් චෝදනා කළ අතර ඔවුන් සහ පිල්ලෙයාන්ගේ ආධාරකරුවන් අතර ගැටුමක් ද හටගෙන ඇත.

එහිදී ප්‍රදේශවාසී කාන්තාවන් පිල්ලෙයාන්ගේ ආධාරකරුවන්ට සෙරෙප්පුවලින් පවා පහරදී පළවා හරින ආකාරය දැකගත හැකිවිය.

ජනතාවගෙන් එල්ල වී ඇති විරෝධය අනුව වත්මන් ආණ්ඩුවේ බොහෝ මැති ඇමතිවරුන් ගම්වලට නොයා කොළඹටම වී සිටින අතර ඉඳහිට හෝ ගමකට යෑමට තැත් කරන යමෙක් වේ නම් ඔවුන්ට අත්වන්නේ පිල්ලෙයාන්ට මේ අත්වූ ඉරණම ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...