*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

උණ්ඩියෙල් සහ හවාලාට තිත. ඉදිරියේදී සියලු ආනයන ගෙවීම් බැංකු හරහා පමණයි – මහබැංකු අධිපති (VIDEO)

බැංකු ක්‍රමයට පිටතින් උණ්ඩියෙන් සහ හවාලා යන ක්‍රමවේද ඔස්සේ මෙරට විදේශ විනිමය හුවමාරු කිරීම් වැළැක්වීම සඳහා පියවර කිහිපයක් ගැනීමට ඉක්මනින්ම කටයුතු කරන බව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

“දැන් හැමෝටම පේනවා අපේ රටේ බැංකු ක්‍රමය තුළ විදේශ විනිමය හිඟයක් තියෙනවා. අපි සොයාබැලුවාම පේන දෙයක් තමයි බැංකු ක්‍රමයට පිටතින් විශාල වශයෙන් අර හවාලා සහ උණ්ඩියෙන් කියන ක්‍රමවලින් විදේශ විනිමය ගලාගෙන එනවා. ඇවිල්ලා අපට අත්‍යවශ්‍ය නොවන ආනයනවලට විශාල වශයෙන් මුදල් යන්නේ අර හවාලා, උණ්ඩියෙල් යන ක්‍රමවලින්. ඒ මුදල් නැවත බැංකු ක්‍රමයට ගෙන්වා ගැනීම සඳහා අපි සාකච්ඡා කරලා පියවර කීපයක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙන් පළවෙනි පියවර තමයි – ගැසට් නිවේදනයක් නිකුත් කරයි මුදල් අමාත්‍යාංශය – කෙනෙක් යම්කිසි දෙයක් ආනයනය කරනකොට ආනයන දේවල් එනවා අපේ රේගුව හරහා, ආවාට ගනුදෙනුව කරන්න පුළුවන් අනිත් ක්‍රම දෙක තුනකින්. එතකොට අර හවාලා, උණ්ඩියෙල් වගේ ක්‍රමවලින් කාටහරි කියනවා එහේදි ආනයන ඇණවුම බාරදුන්නාම එයාට එහෙන් සල්ලි ටික දෙන්න, මෙහෙන් රුපියල් දුන්නා කියපුවාම ඒ මුදල් ගනුදෙනුව පියවලා ඉවරයි. ඒක බැංකු ක්‍රමය හරහා නෙවෙයිනෙ එන්නෙ. ඒක නිසා මුදල් අමාත්‍යංශය අලුතින් නිකුත් කරනවා චක්‍රලේඛයක් ඒ විදියට එන ආනයන යම්කිසි කාලසීමාවක් දීලා එතනින් එහාට තහනම් කරනවා. ආනයන සඳහා මුදල් ගෙවීම බැංකු ක්‍රමය තුළින්ම පමණයි කරන්න පුළුවන් වෙන්නෙ කියන ක්‍රමවේදය තමයි දැන් සකස් කරන්න යන්නෙ. එතකොට පිටතින් මුදල් ගෙවලා ආනයනය කළොත් අපේ රේගුවෙන් නිශ්කාෂණය කරලා ගන්න බැහැ”

මේ ආකාරයෙන් කටයුතු කිරීමේදී උණ්ඩියෙල් සහ හවාලා ක්‍රමවල ඩොලරයට තිබෙන ඉල්ලුම අඩුවන හෙයින් රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහළ යෑම පාලනය වනු ඇති බව පැවසූ ඒ මහතා දැනටමත් ඩොලරය සඳහා ඉතාම හොඳ මිලක් බැංකුවලින් ලැබෙන බැවින් මින් ඉදිරියට උණ්ඩියෙල් හෝ හවාලා ක්‍රමවලට නොයා බැංකු හරහාම මෙරටට මුදල් එවීමට කටයුතු කරන ලෙසත් විදෙස්ගත ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටි‍යේය.

නන්දලාල් වීරසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (29) ශ්‍රී ලංකා මහබැංකුව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan