ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු වූ කීර්ති වර්ණකුලසූරිය අභාවප්‍රාප්ත වෙයි!

රෂිකා හෙන්නායක

දිගු කාලයක සිට, දිවයින පුවත්පතේ කර්තෘ මණ්ඩලයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු වූ කීර්ති වර්ණකුලසූරිය අභාවප්‍රාප්තවී ඇති බව වාර්තා වේ.

ඔහු දිවයින පුවත්පතේ කලක් විදේශ ප්‍රවෘත්ති සංස්කාරකවරයා මෙන්ම යුද පුවත් වාර්තාකරුවකු ලෙස ද කටයුතු කළේය .කීර්ති වර්ණකුලසූරිය ‛ජනදින’ පුවත්පතින් සිය පුවත්පත් කලා දිවිය ඇරැඹීය.

මියයන විට 73 වැනි වියේ පසුවූ ඒ මහතා, සතිපතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට ආරක්‍ෂක ලිපි පෙළක්ද කලක් සම්පාදනය කළේය.

විශ්‍රාම ලැබීමෙන් පසුව ඔහු තම සොහොයුරු අජිත් වර්ණකුලසූරියගේ රාගම නිවසේ ජීවත්ව සිටියදී රෝගාතුරව අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.