සටහන – රුවන් නෙළුගොල්ල
හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ගොනු කර තිබූ නඩු හතරක තීන්දු ප්‍රකාශයට පත් කිරීම මැයි මස 26 වන දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ.
එම නඩුවල තීන්දු අද (30) දිනයේදී කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබිණි.
එහෙත් අද දිනයේදී එම නඩු කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරයා පැවසුවේ මෙම නඩු තීන්දු ප්‍රකාශයට පත්කිරීම මැයි 26 වනදා සිදුකරන බවයි.
2006 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම මණ්ඩලයට කුලී පදනම යටතේ වාහන ලබා ගැනීමේදී රජයට පාඩු සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් සරණ ගුණවර්ධනට එරෙහිව මෙම නඩු හතර ගොනු කර ඇත.


