ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ නව නිලධාරී මණ්ඩලය පත් කෙරේ! (2026-2027)

අප්‍රේල් 30, LNW (කොළඹ): 2026–2027 කාලය සඳහා අලුතින් තේරී පත් වූ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ විධායක කමිටුව සඳහා නිසි මාධ්‍ය ආවරණයක් සහ ප්‍රචාරයක් ලබා දෙන ලෙස සංගමය සියලුම මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටී.

2026/2027 කාලය සඳහා නව නිලධාරී මණ්ඩලයක් තෝරා පත්කර ගැනීමේ නිලවරණය සඳහා නාමයෝජනා ක්‍රියාවලිය අවසන් වීමෙන් පසු නව නිලධාරී මණ්ඩලය සහ කමිටු සාමාජිකයින් නිතරගයෙන් පත් වුණි.

නව නිලධාරින් වැඩභාර ගැනිම සහ වාර්ෂික මහා සභා රැස්වීම 2026 අප්‍රියෙල් 28 වන දින ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ ශ්‍රවණාගාරයේදී සාර්ථකව පැවැත්වුණි.

නව විධායක කමිටුව සඳහා නාමයෝජනා 2026 මාර්තු 15 වන දින සිට අප්‍රියෙල් 10 වන දින දහවල් 12 දක්වා පිළිගනු ලැබූ අතර, ඉන් පසුව ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී කුමාර් ලෝපේස් මහතාට විධිමත් ලෙස භාර දෙන ලදී. ලැබුණු නාමයෝජනා මත පදනම්ව, කිසිදු තනතුරක් සඳහා තරඟයක් නොමැති වීම හේතුවෙන් මැතිවරණයක් අවශ්‍ය නොවන බව තහවුරු විය.

මහජනතාව සහ පුළුල් මාධ්‍ය ප්‍රජාව දැනුවත් කිරීම සඳහා මෙම තොරතුරු බෙදා හරින ලෙස ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මුද්‍රිත, විද්‍යුත් සහ ඩිජිටල් මාධ්‍ය ආයතන වලින් ගෞරවයෙන් ඉල්ලා සිටී.


අලුතින් පත් කරන ලද නිලධාරී මණ්ඩලය (2026–2027)
● සභාපති : රංග බණ්ඩාරනායක (SLRC)
● ලේකම් : මිතුන් ජයවර්ධන (සන්ඩේ ඔබ්සර්වර්)
● භාණ්ඩාගාරික : එස්.නිශාන්ත (ඔරුවන්)
● ජාතික සංවිධායක : ශාන්ත විජේසූරිය (ලංකා ස්කයි නිවුස්)
● උප සභාපති : සමන්ති උපේක්ෂා වීරසේකර (උපාලි පුවත්පත් සමාගම)
● උප ලේකම් : වින්ද්‍යා පාදුක්කගේ (ලේක්හවුස් ආයතනය)
● උප භාණ්ඩාගාරික : ධම්මිකා ද සිල්වා (රතු තරුව)


විධායක කමිටු සාමාජිකයින්;
අකිල ජයවර්ධන (ද සන්ඩේ ටයිම්ස්), උදිත ගුණවරණ (ලේක්හවුස් ආයතනය), එච්. එම්. රේඛා නිලුක්ෂි (අනිද්දා පුවත්පත), ලක්ෂ්මන් මුතුතන්ත්‍රිගේ (නිදහස් මාධ්‍යවේදි), ශිරෝමි රත්නායක (අරුණ පුවත්පත), මිල්රෝයි ඇන්තනි (ඇඩ්වකාටා ආයතනය), දුමින්ද සම්පත් (නිදහස් මාධ්‍යවේදි), ලසන්ත රුහුණගේ (නිදහස් මාධ්‍යවේදි), මාලතී වීරසිංහ (SLRC), චාමර විතානගේ (SLRC), ටී. නඩරාසා (ටැමිල් ටුඩේ), එස්.රේණුකා (ටැමිල් මිරර්), අජිත් සෙනෙවිරත්න (ලංකා නිවුස් වෙබ්), පී.ඒ.ජී. සමන් ප්‍රේමරත්න (SLRC), නිශාන්ති රණතුංග (SLBC), ඒ.එච්. වෂීම් අහමඩ් (බින්ගෝ ඉන්ටර්නැෂනල් මිඩීයා නෙට්වර්ක්).

වෙනත් කමිටු පත්වීම්;

කාන්තා කමිටුව සඳහා පත් කිරීම්;
● සභාපති: දේවිකා කුමාරසිංහ
● කමිටු සාමාජිකයින්: අප්සරා ජයවර්ධන, විනීතා එම් ගමගේ, රන්දලී පබසරා, තුෂාරි වික්‍රමසිංහ.

මූල්‍ය අධීක්ෂණ කමිටුව සඳහා පත් කිරීම්;
● සභාපති: විශාකා වේහැල්ල
● කමිටු සාමාජිකයින්: නුවන් මහේෂ්, තරංගි අතුරලිය.

රංග බණ්ඩාරනායක
සභාපති

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...