කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව, 2026 අප්‍රේල් මාසයේ උද්ධමනය 5.4% දක්වා ඉහළ ගොස් තිබේ.
එම අගය පසුගිය මාර්තු මාසයේදී 2.2%ක් වශයෙන් පැවති බවයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
2026 අප්‍රේල් මාසයේදී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) 2.8% දක්වා වැඩිවී ඇති අතර 2026 මාර්තු මාසයේදී එය පැවතියේ සියයට 0.7ක් වශයෙනි.
2026 අප්‍රේල් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) 6.8% දක්වා ඉහළ ගොස් ඇති අතර 2026 මාර්තු මාසයේදී එය පැවතියේ 2.9%ක් ලෙසිනි.


