රෂිකා හෙන්නායක අප්‍රේල් 30, කොළඹ LNW :
භාණ්ඩාගාරයට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් විසින් සොරාගැනීමේ සිද්ධියකට අදාළව වැඩ තහනමට ලක්ව සිටි සහකාර අධ්‍යක්ෂවරයෙකු සියදිවි හානි කරගෙන ඇති බව පොලිසිය පවසයි.
මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දෙවතාවක් දැනුම් දී තිබුණද, ඔහු එම අවස්ථාවන් මගහැර ඇති බව වාර්තා වේ.
මියගිය නිලධාරියා කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු තියුණු ආයුධයකින් ගෙල කපාගෙන සිය නිවසේදීම මෙලෙස දිවි නසාගෙන ඇති බව වාර්තා වේ.
අදාළ මූල්‍ය අක්රමිකතාව සම්බන්ධයෙන් මීට පෙර මුදල් අමාත්‍යාංශය මගින් නිලධාරීන් සිව් දෙනෙකුගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන තිබුණි.



