රෂිකා හෙන්නායක මැයි 01, කොළඹ LNW :
ජාතික ජන බලවේගය (NPP) විසින් මලයගම් ප්රජාව වෙනුවෙන් සංවිධානය කරන ලද මැයි දින පෙළපාළිය සහ රැලිය අද (01) දින නුවරඑළියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් ආරම්භ විය.

නුවරඑළිය දිස්ත්රික් මැයි දින පෙළපාළිය නුවරඑළිය දිස්ත්රික් මහ රෝහලට ආසන්නව හාවාඑළිය ප්රදේශය අසලින් ආරම්භ වී ග්රෙගරි වැව අසල නාගරික සංවර්ධන අධිකාරියේ රථගාලේදී අවසන් විය.

නුවරඑළිය සහ බදුල්ල දිස්ත්රික්කවල පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයින් කිහිප දෙනෙකු මෙම අවස්ථාවට සහභාගී වූහ.



