2026 තමයි අවුරුද්ද. වැඩිදෙනෙක් නවතින්නේ හිරගෙවල්වල – ජනපති නුවරඑළියේදී කියපු කතාව!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ලංකා ඉතිහාසයේ දුෂිතයන්ට, වංචනිකයන්ට, හොරුන්ට හිර ගෙවල් නියම කළ වසර බවට මේ 2026 වසර පත් වෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද (01) නුවරඑළියේදී පැවති මැයි දින (01) රැළිය අමතමින් පැවසුවේය.

තමන් ඒ බවට සහතිකයක් දෙන බවයි ජනාධිපතිවරයා සදහන් කළේ.

”මම ඔබට සහතිකයක් දෙන්නම් . ලංකා ඉතිහාසයේම දුෂිතයන්ට, වංචනිකයන්ට, හොරුන්ට හිර ගෙවල් නියම කළ වසර බවට මේ 2026 වසර පත් වෙනවා. මේ මැයි මාසයේම දහ දෙනෙක්ගේ නම් අධිකරණයේ තිබෙනවා. ඒ නඩු තීන්දුව මැයි මාසයේ එනවා. වේගයෙන් අපරාධකරුවන්, වංචනිකයන්, දූෂිතයන්, කුඩු ව්යාසපාරිකයන්, පාතාලයින් සිරගත වෙනවා. නඩු අහමින් තිබෙනවා. කලබල වෙන්නේ නැතිනම් තමයි පුදුම. මේ සෑම අපරාධකරුවෙක්ම නීතිය හමුවට ගෙන ඒමට ඔබ අපට ජන වරමක් ලබා දුන්නා. අපි ජන වරමට අනුව කටයුතු කරනවා. පරම්පරාවෙන් ජනාධිපතිවරුද? පරම්පරාවෙන් අගමැතිවරුද? හිටපු ජනාධිපතිද? හිටපු අගමැතිද? හිටපු ජනාධිපතිගේ බිරිඳද? පුතාද? බෑණාද? මස්සිනාද? ඒවා භේදයක් නැහැ. නීතිය සමානව ළගට එනවා. ඥාතීන්ට වරෙන්තු නිකුත් කර තිබෙනවා. සමහර අය රට ගිහින් ඉන්නවා. අපි ඒ අය ගෙනත් අධිකරණය හමුවට පමුණුවන්න කටයුතු කරනවා. මේ රටේ ජනතාවට නීතිය පිළිබඳ විශ්වාසය හැදිය යුතුයි. ඒ සඳහා අපි කටයුතු කරමින් සිටිනවා.” යනුවෙන් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ට කොංග්‍රසයේ බලය අහිමි වීම: දේශපාලනික හා ආයතනික විශ්ලේෂණයක්

ට්‍රම්ප්ට කොංග්‍රසයේ බලය අහිමි වීම: දේශපාලනික හා ආයතනික විශ්ලේෂණයක්

Breaking : දකුණු මුහුදේ මත්ද්‍රව්‍ය සමඟ ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට!

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පිහිටි ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ...

PSTA සහ OCA පනත්වලට එරෙහිව ජන අරගල ව්‍යාපාරයෙන් විරෝධතාවක් – පාර්ලිමේන්තුවේ පිවිසුම අසලටම යයි (PHOTOS)

කොළඹ LNW:රජය විසින් ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...