*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරමු – මහින්ද මැයි රැළිය අමතයි.

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සැබෑ කම්කරු නායකයෝ සටන් කරන්නේ පටු දේශපාලන වාසිතකා නොව කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

කිසිදු වෘත්තීය සමිති සාමාජිකයෙකු තනිකරන්නේ නැතැයි පවසන ඒ මහතා බටහිර අධිරාජ්‍යවාදීන්ගේ රූකඩ බවට පත්නොවී දේශීය චින්තනයකට අනුව වැඩ කිරීමට යාම හේතුවෙන් අපට එරෙහිව විවිධ රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම දේශපාලන සංවිධාන කුමන්ත්‍රණ කළ බවද ඒ අයට අවශ්‍ය වූයේ දේපලවලට පමණක් නොව අපේ ජීවිතවලට හානි කිරීමට බවද පෙන්වාදෙයි.

ඒ මහතා මේ බව සදහන් කළේ බොරැල්ල කැම්බල් පිටියේ දී අද (01) පස්වරුවේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “පොදුජන මැයි රැලිය 2023” රැලියට එක් වෙමිනි. “අභියෝග බිඳ අභිලාෂ ජයගමු” යන්න තේමාව කරගනිමින් දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම මැයිදින රැලිය පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ මහින්ද රාජපක්ෂ මහතා,

අද මේ කැම්බල් පිටියට රැස්වෙලා ඉන්න ආදරණීය වැඩකරණ ජනතාව මේ රටට ඉතා වැදගත් පණිවුඩයක් දෙනවා. ඒ තමයි රටේ පොදුජන අභිලාෂය තවමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟය කියන අපේ බැඳීම ඔබ නැවත තහවුරු කර තිබෙනවා. ඒ සඳහා ඔබට අපේ ආචාරය පළමුවෙන්ම පුද කරනවා. අපි දන්නවා 1995 වෙනකම්ම කම්කරු ජනතාව වෙනුවෙන් ඔවුන්ගෙ විපතක දි පිහිටවෙන්න රජයේ මුදලක් වියදම් කරන ක්‍රමයක් තිබුනෙ නැහැ. කම්කරු ඇමතිවරයා විදියට කම්කරු නායකයන් එක්ක කතා කරලා ඔබේ සුබසාධනය වෙනුවෙන් පළමු වතාවට එදා අපි ස්ථිර වැඩපිළිවෙලක් සකස් කළා. ඒ අනුව තමයි ශ්‍රම වාසනා අරමුදල බිහිවුණේ. අද වගේම එදත් අපේ දේශපාලන සටන් සියල්ල කම්කරුවන් එක්ක බැඳිලයි තිබුණේ. බොහෝ කම්කරු නායකයන් හොඳ මිත්‍රයන් ලෙස අපට ඇසුරු කරන්න ලැබුණා. ඒ කාලේ ඉඳන්ම මැයි දිනයට විතරක් නෙමෙයි අපි හැමදාමත් කම්කරුවගෙ අයිතින් වෙනුවෙන් පෙනී සිටියා. ඒ නිසා ඔබේ සාධාරණ ඉල්ලීම් ගැන හොඳ වැටහීමකින් ප්‍රතිචාර ලබාදෙන්න අපට හැකියාව ලැබුණා. සමහරු අපව විවේචනය කරනවා.

හැබැයි ඒ ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාරයට. මතක ඇති අද වගේම 2004 දිත් ආණ්ඩු රිමෝට් එක අපේ අතේ තියෙන්නෙ කියලා කියපු අය හිටියා. අවසානයේ මොකද වුණේ ? ඒ අයම තමයි අපට බලයට එන්න උදව් කළේ. ඒ නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කලබල වෙන්නෙ නැහැ. අපි අවශ්‍ය වෙලාවට ඔබත් එක්ක ඒ තීන්දුව ගන්නවා. අපේ රටේ ආර්ථිකයේ ගාමක බලවේගය කම්කරු ජනතාව. අපි ආර්ථිකය සැළසුම් කරනකොට මේ කම්කරු ජනතාවගේ අභිලාෂයන්ට ප්‍රමුඛ තැනක් දිය යුතුයි. අපි කම්කරු ඇමතිකම ගත්ත දවසෙ ඉඳන්ම ඔබ වෙනුවෙන් ඒ යුතුකම ඉටුකර කළා. ඒ වගේමයි එදා ඉඳන් ඔබත් බලය තිබුණත් නැතත් අපි එක්ක ඉඳලා රට වෙනුවෙන් අපිව බලයට ගේන්න අවශ්‍ය කැප කිරීම් කළා. වැඩබිමේ කම්කරු අයිතින් වෙනුවෙන් පෙනි ඉන්න අපේ සහෝදරයෝ ඒ අයිතින් වෙනුවෙන් හඬ නගන්නෙ සමාජ සාධාරණත්වය වෙනුවෙන් කියලයි අපි විශ්වාස කරන්නෙ. ඒ බව තේරුම්ගෙන තමයි ආණ්ඩුව වැඩ කරන්න ඕනි. අපි ඉතිහාසය පුරා වැඩකළේ ඒ විදියට. ඒ නිසා කම්කරු ජනතාව සමඟ අපි සාකච්ඡාවෙන් බොහෝ ප්‍රශ්න විසඳගත්තා. ඔවුන්ගේ ඉල්ලීම් දිනා දුන්නා.

ජිවත්වෙන්න සුදුසු සමාජ පරිසරයක් ඇති කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පටන් ගන්න කොට අපට මොනවද නොකිවුවේ. මේක අලුත් පක්ෂයක් කිවුවා. මේ වගේ පක්ෂවලට ඡන්ද දිනන්න බැහැ කිවුවා. හැබැයි ඒ හැමදේටම ඔබ උත්තර දුන්නා. ඉතිහාසයේ වාර්තාගත ඡන්ද ප්‍රතිඵලයක් දීලා අපිව දිනෙව්වා. ඒ වගේ ගත්ත බලය වෙනුවෙන් අවශ්‍ය සාධාරණය කරන්න අපට බැරිවුණා. අපට පටන් ගන්න උනේම කොවිඩ් එක්ක ආර්ථිකය බිඳ වැටුණ තැනකින්. සමහර වැරදි තීන්දුත් ඊට හේතු වුණු බව අපි පිළිගන්න අවශ්‍යයයි. හැබැයි වැරදුණු තැනත් දැන් අපට තේරෙනවා. ඒ නිසා ඒ අත්දැකිමත් අපට තියෙන එක තවත් ශක්තියක්. ඔබට මතක නම් මේ හැම වෙලාවෙම අපි රට භාරගත්තෙ අමාරුම වෙලාවේ. එක වෙලාවක යුද්ධයක්. අනෙක් වෙලාවේ ආර්ථිකය පහළටම වැටිලා තිබුණා. මේ එක වෙලාවකවත් අපි පස්ස ගැහුවේ නැහැ. අපිට පුළුවන් සාධාරණය මේ රට වෙනුවෙන් ඉටු කරන්න අපි ඉදිරිපත් වුණා. ඒ වගේ තීන්දු ගන්න අපේ පක්ෂයේ තියෙන ශක්තිමත් වෘත්තිය සමිති ජාලයත් හේතුවුණා. ඒ අය දවසින් දවස වැඩබිමේ තමන්ගෙ ශක්තිය පෙන්වමින් අපට ජනතාවගේ අදහස් ඉදිරිපත් කළා “

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan