වේදිනිගම විමලතිස්ස හිමිගේ හිසට පිස්තෝලය තියා තර්ජනය කළ පොලිස් නිලධාරියා කවුද ?

Date:

අපේ ජනබල පක්ෂයේ මහලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් තර්ජනය කිරීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව වාර්තා වේ.

වේදිනිගම විමලතිස්ස හිමියන් සිදුකළ පැමිණිල්ලකට අනුව සිදුකෙරෙන විමර්ශනවල ප්‍රගතිය මෙසේ CIDය විසින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර ඇත.

එහිදී වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් හිසට පිස්තෝලයක් තබා හිස් කඩදාසි තුනකට අත්සන් ලබාගත් ඉහළම මට්ටමේ පොලිස් නිලධාරියෙකු පිළිබඳ කරුණු ඉදිරිපත්ව ඇති බව සඳහන්.

ඒ අනුව ඉදිරියේදී ආන්දෝලනාත්මක පොලිස් ලොක්කෙකුට විශාල අලකලංචියක් සිදුවීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

2020 මහමැතිවරණයේදී අපේ ජනබල පක්ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධ සිද්ධියකට මෙසේ එම පක්ෂයේ මහලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන්ව පැහැරගෙන ගොස් ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබුණු අතර සිද්ධි ගණනාවකින් පසුව එම පාර්ලිමේන්තු මන්ත්‍රී තනතුර අතුරලියේ රතන හිමියන් විසින් ලබාගන්නා ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...