සබරගමුව සිසුවාගේ මරණය ගැන අන්තරෙත් විමර්ශනයක් ඉල්ලයි!

Date:

කොළඹ LNW:සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටියදි වාර්තා වන පරිදි නවක වද සිදුවීමක් මුල්කරගනිමින් සියදිවි නසා ගෙන තිබෙන 23 හැවිරිදි චරිත් දිල්ශාන්ගේ මරණය සම්බන්ධයෙන් පටු න්‍යාය පත්‍රවලින් තොරවූ පූර්ණ අපක්ෂපාතී විමර්ශනයක් පවත්වන ලෙස අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

විමර්ශනයට අනුව චෝදනා සත්‍ය නම් විත්තිකරුවන්ට දඬුවම් පමුණුවන ලෙසත් සිය ශිෂ්‍ය සංගමය ඉල්ලා සිටින බවයි එහි දැක්වෙන්නේ.

අදාළ විමර්ශන සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පූර්ණ සහයෝගය ලබා දෙන බවයි එම නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කරයි.

මේ අතර චරිත් දිල්ශාන් සොයුරාගේ හදිසි අභාවය පිළිබඳ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන බවද අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය ප්‍රකාශ කරයි.

“නවකවධය වැනි පසුගාමීත්වයන්ගේ පැවතීම විසින් පරාජයන් විනා ශිෂ්‍ය ව්‍යාපාරයට අත්කර දුන් ජයග්‍රහණ කිසිවක් නැත. විශේෂයෙන්ම මෙවැනි සිදුවීම් ප්‍රබල තර්කයන් බවට පත් කරගනිමින් පාලකයින් අධ්‍යාපන පෞද්ගලීකරණයට අදාළ තර්ක තහවුරු කරගැනීමට කටයුතු කරන අතර දැවැන්ත ප්‍රචාරක ව්‍යාපෘති බවට පත්කර ගනී. එබැවින් නවකවධය වැනි සංස්කෘතික පසුගාමීකම් සමඟ ශිෂ්‍ය ව්‍යාපාරයට කිසිඳු සම්මුතියක් නැත.”

“ශිෂ්‍ය ව්‍යාපාරයේ පැවැත්මට ද බාධාවක් වන පසුගාමී සංස්කෘතික ශේෂයන් විශ්වවිද්‍යාලවලින් තුරන් විය යුතු අතර ඒ සඳහා ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස අපත් ඇතුළුව සමස්ත විශ්වවිද්‍යාල ප්‍රජාව තුළම බරපතළ සංස්කෘතික සංවාදයක් ඇති කළ යුතු බව අපගේ අදහසයි. පවතින පසුගාමී සංස්කෘතික ශේෂයන් විශ්වවිද්‍යාලවලින් තුරන් කිරීමට මැදිහත්වන ලෙස අප සියලු විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ගෙන් ඉල්ලා සිටිමු.”

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...