වසර එකහමාරට මෙහෙම නම් තව අවුරුදු කිහිපයක් යද්දී රට කොහොම තැනක තියෙයිද?

කොළඹ LNW:”අපේ රට මෙච්චර සම්පත් තියෙන රටක් මේ රට නාස්ති වුණේ වෙන කිසි හේතුවක් නිසා නෙවෙයි පාලකයන්ගේ තිබුණ දූෂණය නිසයි. අපිට පුළුවන වුණා නම් වසර එක හමාරකින් මෙහෙම හරවන්න, හිතන්න තව අවුරුදු කීපයක් යනකොට මේ රට තියෙන්න පුළුවන් තැන කොහොම වෙයිද කියලා.” යනුවෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවැසුවාය.

අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ ඊයේ (01) රත්නපුරයේදී පැවති ජාතික ජනබලවේගයේ මැයි දින රැළියට එක්වෙමිනි.

ආණ්ඩුව නියෝජනය කරන්නේ මේ රාට් ජනතාව වන අතර ජනතාව දුන් ඒ වරම ආරක්ෂා කරන බවත් ඒ වෙනුවෙන් වැඩ කරමින් සිටින බවත් ඇය සඳහන් කරන ලදී.

ඒ අනුව ”අපි උත්තර දෙන්නේ ඔබ සියලු දෙනාටයි. අපේ බැඳීම තියෙන්නේ මේ රටේ ජනතාව සමගයි” යනුවෙන් අගමැතිවරිය ප්‍රකාශ කළේය.

”ඔබ දන්නවා අපි බලාපොරොත්තු නොවුණ විදියට අපිට දිට්වා ආපදාවට මුහුණ දෙන්න සිද්ධ වුණා. රජය වසර එක හමාරක් තුළ මේ ආර්ථිකය කළමනාකරණය කරපු විදිය නිසා, නාස්තිය දූෂණය වංචාව රජය තුළ දේශපාලන අධිකාරිය තුළ නැති කරපු නිසා, අපි ණය නොවී, මුදල් අච්චු ගහන්නැතුව කාගෙන්වත් ඉල්ලන්නේ නැතුව අපේ මුදලින් බිලියන 500 වෙන්කරන්න අපිට පුළුවන් වුණා. ඒ විතරක් නෙවෙයි කෝටි දහදාහක්. ඒ විතරක් නෙවෙයි, මැද පෙරදිග යුද්ධයත් එක්ක අපේ රටේ ඇති වෙලා තියෙන අර්බුධයට මැදිහත් වෙන්න කෝටි දාහක් වෙන් කළා. ආර්ථිකයක කළමනාකරණය කරගෙන තමයි අපි ඒ මුදලත් වෙන්කරලා තියෙන්නේ. ඒ හරහා තමයි අස්වැසුම ලාභීන්ට වැඩිපුර දීමනාවක් අප්‍රේල් මාසේ දෙන්න පුළුවන් වුණේ, ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල කොච්චර ඉහළ ගියත් අපිට හැකියාව තිබුණා ස්ථාවර ලෙස ජනතාවට ඉන්ධන ලබා දෙන්න. අපි එක දවසක් රට වැහුවේ නෑ. අපි මේ රට පවත්වාගෙන ගියා. අපේ අසල්වැසි රටවල ගෙදර ඉඳන් වැඩ කරන්න කිව්වා, ඉස්කෝල වැහුවා, කඩ සාප්පු වැහුවා. ඒ රටවල පෝලිං ඇති වෙලා තියෙන අවස්ථාවක වුණත් අපිට පුළුවන් වුණා ඒක කළමනාකරණය කරන්න.

අපේ රට මෙච්චර සම්පත් තියෙන රටක් මේ රට නාස්ති වුණේ වෙන කිසි හේතුවක් නිසා නෙවෙයි පාලකයන්ගේ තිබුණ දූෂණය නිසයි. අපිට පුළුවන වුණා නම් වසර එක හමාරකින් මෙහෙම හරවන්න, හිතන්න තව අවුරුදු කීපයක් යනකොට මේ රට තියෙන්න පුළුවන් තැන කොහොම වෙයිද කියලා.

විපක්ෂය කලබල වෙන එකට අපිට කරන්න දෙයක් නෑ. අපි මොකක්ද කරලා තියන්නේ නවත්තලා තිබුණ විමර්ෂණ හරියට කරගෙන යනවා. අලුත් අධිකරණ හදලා තියෙනවා. ඉස්සර ඇමතිවරුන් හිටපු ගෙවල් අපි අධිකරණ බවට පත්කරලා දිනපතා නඩු අහලා ජනතා මුදල් අවභාවිතා කරපු අයටනිසි දඬුවම දෙනවා. විපක්ෂයට හොරු නෑ කියලා, හොරකම් කළේ නැහැ කියලා කියන්න බැහැ. ඒ නිසා අපි හොරුන් කියලා කියන්න පුදුම වෙහෙසක් වෙනවා. සතියකට මොකක් හරි එක මාතෘකාවක් හොයාගෙන දඟලනවා. ඒ මාතෘකාව තියාගෙන යන්න පුළුවන් වෙන්නේ සතියයි. මොකද ඒ සියල්ලම බොරු නිසා. ඒ සියල්ලම ඔවුන් හදන කතා කියන එක ජනතාව හොඳට දන්නවා. මාධ්‍ය භාවිතා කරලා විපක්ෂය සිදු කරන්නේ ඛේදවාචකයක්, ප්‍රජාතන්ත්‍රවාදී රටකට විපක්ෂයක් අවශ්‍යයි. ආණ්ඩුවේ හරි වැරදි පිලිබඳ දියුණු විවාදයක් ඇති කරන්න විපක්ෂයක් අවශ්‍යයි. නමුත් මේ විපක්ෂය තුළ ඒ කාර්ය භාරය ඉටුවෙන්නේ නැහැ.” යනුවෙන් අගමැතිවරිය තවදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ට කොංග්‍රසයේ බලය අහිමි වීම: දේශපාලනික හා ආයතනික විශ්ලේෂණයක්

ට්‍රම්ප්ට කොංග්‍රසයේ බලය අහිමි වීම: දේශපාලනික හා ආයතනික විශ්ලේෂණයක්

Breaking : දකුණු මුහුදේ මත්ද්‍රව්‍ය සමඟ ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට!

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පිහිටි ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ...

PSTA සහ OCA පනත්වලට එරෙහිව ජන අරගල ව්‍යාපාරයෙන් විරෝධතාවක් – පාර්ලිමේන්තුවේ පිවිසුම අසලටම යයි (PHOTOS)

කොළඹ LNW:රජය විසින් ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...