දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක පවත්වාගෙන ගිය මහින්දානන්ද අලුත්ගමගේ පදනමේ සියලු නිශ්චල හා චංචල දේපළ යළිත් දුම්රිය දෙපාර්තමේන්තුවට පවරාදී තිබේ.
වසර 20කට ආසන්න කාලයක් බදු පදනම මත පවත්වාගෙන ගිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම සහ ඒ ආශ්රිත භූමිය නැවත දුම්රිය දෙපාර්තමේන්තුවට මසක් වැනි කාලයක් තුළ පවරා ගැනීමට අවශ්ය කටයුතු සිදු කරන ලෙසට පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුවේදී දැනුම්දීමක් කර තිබිණි.
ඒ අනුව අදාළ පදනමේ ගොඩනැගිලි සහ භූමිය දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නැවත පවරාදීම අද (02) පෙරවරුවේ මහින්දානන්ද පදනමේ ලේකම් චාමික ධර්මතිලක විසින් සිදුකර ඇත.
ඉදිරියේදී මෙම ඉඩම ජනතාවට ප්රයෝජනයක් වන මහජන පොළ භූමියක් හා වෙනත් ආයතන සඳහා ලබාදීමට බලාපොරොත්තු වන බව ද සඳහන්.
හිටපු අමාත්ය මහින්දානන්ද අලුත්ගමගේ මේ වනවිට 20 අවුරුදු සිර දඬුවමක් නියම වී බන්ධනාගාරගතව සිටී.


