ඊශ්‍රායලය වෙනුවෙන් ඔත්තු බැලු දෙදෙනෙකු ඉරානය එල්ලා මරා දමයි

සටහන: සශිකලා මධුෂාණි
මැයි 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඊශ්‍රායල බුද්ධි ඒජන්සියක් වන මොසාඩ් වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනාවට වරදකරුවන් වූ පුද්ගලයින් දෙදෙනෙකු ඉරානය අද(02) එල්ලා මරා දමා තිබේ.

ඉරාන අධිකරණයේ මිසාන් ප්‍රවෘත්ති ඒජන්සිය විසින් මේ බව වාර්තා කර තිබු අතර අධිකරණ ක්‍රියාමාර්ග සහ ඉරාන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔවුන්ගේ මරණ දඬුවම් තහවුරු කිරීමෙන් පසුව, යාකොබ් කරිම්පූර් සහ නසර් බෙක්ර්සාඩේ ලෙස හඳුනාගෙන ඇති පුද්ගලයින් මෙලෙස එල්ලා මරා දමනු ලැබූ බවයි.

ඉරානය, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සම්බන්ධ දින 40 ක යුද්ධයේදී කරිම්පූර් දැනුවත්ව මොසාඩ් සමඟ ඔහුගේ සහයෝගීතාවය දිගටම කරගෙන ගොස් ඇති බවත්, රටේ සංවේදී තොරතුරු ටෙලිග්‍රාම් පණිවිඩ වේදිකාව හරහා මොසාඩ් නිලධාරියෙකුට යවා ඇති බවත් එහි වැඩිදුරටත් සඳහන් විය.

මෑත සතිවල ඉරානය චෝදනා කරන ලද ඔත්තු බැලීම් සහ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් මෙලෙස එල්ලා මරා දැමීමට කටයුතු කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...