*
Saturday, February 15, 2025
spot_img

Latest Posts

ඇමති රංගනය අභිමතානුසාරී ද රූකඩානුසාරී ද

කොළඹ (LNW): ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ විසුරුවා හැරීම සහ ස්ථාවරකරණ කමිටුව පත්වීමේ කතාව එය සිඳු වීමට බොහෝ මුල සිට අපි වාර්තා කළෙමු.විසුරුවා හරින ලද සංගමයේ සභාපතිවරයාව පරාජය කරන්නට ක්‍රීඩා සමාජ හරහා ඡන්ද ලබා ගැනීමට අපොහොසත් සහ සෘජු තීරණ ගැනීමට එරෙහි පිරිස් එම සම්මේලනය විසුරුවා හැරීම පිටුපස සිටින බව අපි පැවසුවෙමු.ඒ අවශ්‍යයතාවය වෙනුවෙන් ආසියානු රග්බි සම්මේලනයේ සභාපතිවරයා ද පෞද්ගලික ප්‍රශ්නයක් මත විසුරුවා හරින ලද සංගමයේ සිටි සභාපතිවරයා සමඟ තිබුණ නෝක්කාඩුව ගිනි පුපුරක සිට මහා ගිනි ජාලාවක් බවට පත් කිරීම ද සිඳු වූයේ අමාත්‍යවරයාගේ දෑස් නොපෙණෙන තරමට ගිණි කන වට්ටවමින්ය.
ක්‍රීඩා ඇමතිවරයාට තමන්ගේ වැඩ කොටස ඔහු ලවා කර ගන්නට බලා සිටින පිරිස් කීඩා පණත යනු ඔහුට අවශ්‍යය පරිදි පිණුම් ගැසිය හැකි තැනක් බවට පත් කරගෙන හයිය පෙන්විය යුතු එකක් බවට අන්දා අවසන්ය.ඇමතිවරයාද ඇඳ ගැනීමෙන් නොනැවතී ඇන්ද වූ ඇඳුම්වලින් රෙදි නැතුව නටන තත්ත්වයට ද පත් වී ඇත.එහෙත් ඇන්දූ සීතාම්බර සළු නැති බව වෙනුවට රාජකීය ඇඳුම් බව හැඟෙන තරමට ඇමති හිත කළම්ඹා තමන්ගේ අවශ්‍යයතා ඉටු කර ගනිමින් සිටින පිරිසක් ඇමතිවරයාට හුරේ දමන්නේය.ඒ හුරේ හඬට වශි වී සිටින අමාත්‍යවරයාට බහුතරයක් කියන හූව ඇසෙන්නේ ද හුරේ හඬින්මය.

ස්ථාවරකරණ කමිටුව වැඩ පටන් ගන්නේ විනය තීරණවලට පයින් ගසාය.කිසිම ක්‍රීඩා සමාජයකට පිළමළුන් පිටු දැකීමේ තරගාවලියේ තමන්ගේ ක්‍රීඩා පිටිය වාර්තා කරන්නට ශ්‍රී ලංකා රගර් ඉඩ දුන්නේ නැත.එවැනි තත්ත්වයක තමන්ගේ ක්‍රීඩා පිටිය යොදා ගැනීමේ අවසරය ඉල්ලා අනුන්ට නැති විශේෂත්වයක් අපේක්ෂා කරපු මහනුවර ක්‍රීඩා සමාජයට පැන වූ දඬුවම මේ වන ස්ථාවරකරණ කමිටුව ඉවත් කර ඇත.මුල සිටම තිරය පිටුපස සුවිසල් භූමිකාවක මලික් සමරවික්‍රම නිරූපනය කරන බව අප කීවේය.

එසේම මේ වන විට ආසියානු සම්මේලනය හේත්තු වි සිටින අසංග විදේශීය ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවට යොදවා ක්‍රීඩා කළ අවධියේ සභාපතිවරයා බවත්,ඒ නිසා ශ්‍රී ලංකාවට ගෙවන්නට සිඳු වූ දඩය තවමත් ගෙවමින් ඇති බවත්,ආගමන විගමන නීතිය යටතේ ඒ සඳහා කිසිවක් කර නැති බවත් අප කීවේය.සමහර විට ක්‍රීඩා පණතේ පිණුම් ගසන්නට ඇමතිට ඉඩක් හදා ගැනීමේ හීනයට වඩා හීනමානයෙන් පිරුණු ඇමති මනසට එවැනි කාරණා වැඩක් නැත.
දැන් ඒ නිසාම එම සිදුවීම වන අසංගගේ කාලයේ මෙන්ම මෑත කාලයේ ශ්‍රී ලංකා රග්බි සම්මේලන ගිණුම ණය මට්ටමට හිඳෙන විටදී ද එහි ප්‍රධාන විධායක දූරය දැරූ රොහාන් ගුණරත්න නැවතත් ස්ථාවර කමිටුව වෙනුවෙන් පුද්ගලයන් දැනුවත් කිරීමට සහ එකතු කිරීමට අත ගසා ඇත.එසේම එම සිදුවීමට සමඟ අසංග සෙනවිරත්න ගෙවිය යුතු හිඟ ගෙවිම් ලබා ගැනීමට විධායක බලය සහිත පුද්ගලයා ලෙස අවශ්‍යය පියවර නොගැනීම සම්බන්ධයෙන් ද ඔහු වගකිව යුතුය.

එසේම මේ බල අර්බූදය යටතේ අමාත්‍යවරයාගේ පාර්ශවයෙන් විශාල වැඩ කොටසක් කරන සහ ජාතික ක්‍රීඩා සභාවෙත් සිටින ලසිත ගුණරත්න අතුරු කමිටුවක සිටින සමයේ මිය ගිය කිරාන් අත්පත්තු සහ ඔහු විසින්ම ඉවත් කරන්නට යෙදුණ ඩිල්රෝයි ප්‍රනාන්දු ද මේ වන විට එළිපිට රංගනයේ යෙදෙයි.ඒ ක්‍රීඩා පණතේ ක්‍රීඩාව සම්බන්ධ ව්‍යාපාර කරන්නෙක්ට තනතුරු දැරීමට බලය නොමැති බව පදනම් කරගෙන ඉවත් කළ ඩිල්රෝයිලාට රඟන්නට ඉඩ දෙන්නේ ක්‍රීඩා පණත ප්‍රකාරව ඇමති විසින් බැලූ බැල්මට එහි නියමයන් නොසළා හරිමින් කරන ලද හිටපු පරිපාලය විසුරුවා හැරීමෙන් පසුය.එය විසුරුවා හැරිය බව කියන්නට ආසියානු සභාපතිවරයා බැහැ දකින්නට ද ගිය ඇමතිවරයා අදාළ කමිටුව පත් කිරීමට පෙර ආසියානු සභාපතිවරයා අමාත්‍යවරයාට තමන්ගේ පෞද්ගලික කෝන්තරය ඇති සභාපති රිස්ලි ඉල්ලියාස් සභාපති ධූරය දරන රගර් පරිපාලනය ඉවත් කරන ලෙස ද දැන් වූ බව අපි හෙළිදරව් කළෙමු.

දැන් මේ සියල්ල හෙළිදරව් වෙමින් ඇති අතර ක්‍රීඩා අමාත්‍යවරයා කීඩා පණතේ ප්‍රකාරව කටයුතු නොකරමින් එහි ඇති අමාත්‍යවරයාගේ අභිමතය පරිදි කියන වචනය පමණක් ප්‍රයෝජනයට ගෙන අභිමතානුසාරීව හැසිරීම රූකඩානුසාරී රඟපෑමක් බවත් එම රූකඩය හා බැදුණු නූල් මේ වන විට එළිපිට ප්‍රදර්ශනය වීමට පටනගෙන ඇති බවත් රටම දකින්නේය.ඉතිං දුටුගැමුණු,වීර පැරකුම් වුව රූකඩයට කැපූ විට ඒ හඩ පෞරුෂය සහිතව රඟයි.අපිට ඒවා භරසාර ලෙස දැනෙයි.නමුත් නූල ඇත්තේ වෙන අයෙක් අතේය.එය කැඩුණහොත් හෝ පැටලුනොත් රුකඩයේ හරඹ අහවර බව අපි දනිමු.එය නිකංම නිකං හැඟීමක් හෝ දැනීමක් නැති ලි කොටයක් බව දැනෙන්නේ එවිටය.ඒ දක්වා ඉතිං ලී කොට නූල්වලින් නැටවිය හැකිය.
දැන් අධිකරණයේ මෙන්ම ලෝක මට්ටමේ ජාත්‍යන්තර රග්බි සම්මේලනයේ සහ ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුවල මේ නූල පැටලෙමින් තිබෙන නිසා කොටයේ කතාව හරියටම රටට දැන ගන්නට ලැබෙනු ඇති දිනය වැඩි ඈතක නොවනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan