මහලු මිනිසෙකුට ආශ්චර්යයක් කළ හැකිද? රවී කුමුදේශ් ප්‍රශ්න කරයි

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රට මුළු රටම බංකොලොත් වී හොම්බෙන් යන අවස්ථාවක මහලු මිනිහෙකුට ආශ්චර්යය කරන්න ඉඩ දී බලා සිටිය නොහැකි බව වෘත්තිය සමිති හා බෞද්ධ සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා ඒකාබද්ධ මැයි දින රැලිය මාලිගාවත්ත පී ඩී සිරිසේන ක්‍රීඩාංගනයේදී අමතමින් කියා සිටියේය.

අද වන විට රට පාලනයෙන් ගිලිහී අවසන් බවත් වසර ගණනාවක් තිස්සේ එක එක පාලකයන් විසින් රට පාලනය කළද රටට වූ යහපතක් නැති බවත් , වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන දේවල් පමණක් සිදුකරන බවත් ඔහු ජනතා කැමැත්තෙන් පාර්ලිමේන්තුවට පැමිණි පුද්ගලයකු නොවන බවත් කුමුදේශ් මහතා සඳහන් කළේය.

රනිල් වික‍්‍රමසිංහ යනු ජාත්‍යන්තරයේ නියෝජිතයෙක් ද රටේ නියෝජතයෙක්දැයි තේරුම් ගත යුතුව ඇති බවත්, එනිසා මේ මොහොතේ නැවතත් අරගලයක් අවශ්‍ය බවද පැවසූ ඔහු ඡන්දයට බය නාකි මානවයෙකු රට පරිවර්තනය කරන්න නොහැකි බව දැනගෙන නව දැනුම සමග රට ලෝකයට සම්බන්ධ කළ යුතු බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BJP සබඳතා තරකර ගැනීමට ටිල්වින් සිල්වා දින පහක සංචාරයක් සඳහා ඉන්දියාවට

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු...

කථානායක ජගත්ට එරෙහිව සජබයෙන් විශ්වාසභංගයක්

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග...

නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව...

සිංහල සුභාවිත ගීතයට තිරය පිටුපස සිට පණ දුන් ආනන්ද ගනේගොඩයන් අභාවප්‍රාප්ත වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : සංගීතය යනු රටක...