අපි තමයි ලංකාවෙන්ම අංක 01. අපි පොරොන්දු ලබා දෙන්නේ විපක්ෂයේ සිටම ඉන් අඩක්ම ඉටු කරලයි – සජිත් (VIDEO)

Date:

සෙසු දේශපාලනඥයන් මෙන් තමා කිසිදු පොරොන්දු කඩ කර නොමැති බවත් 76 වසරක මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය තුළ විපක්ෂයක් විසින් ඉටු නොකළ ජනතා සේවාවක් තමා විපක්ෂයේ සිට ඉටු කළ බවත් එම නිසා තමා ජනතාවට ලබා දෙන පොරොන්දුවලින් හරි අඩකට වැඩි ප්‍රමාණයක් විපක්ෂයේ සිටම ඉටු කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එසේම 76 වසරක ඉතිහාසයක් ගැන ලොකුවට කතා කරන මේ අවස්ථාවේ සමගි ජන බලවේගයේ දේශපාලන ගමන ගැන සියලු දෙනා ආඩම්බර විය යුතු බවත් 76 වසරක් තුළ මේ රටේ කිසිම දේශපාලන නායකයෙක් පක්ෂයක් කණ්ඩායමක් තනතුරු නොමැතිව බලයක් නොමැතිව වැඩක් කරලා නොමැති වුවත් සමගි ජන බලවේගය ලංකාවෙන් ම අංක 1 බවත් 76 වසරක ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය තුළ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් අංක 1 වූයේ කිසිදු දේශපාලන පක්ෂයක් නොකළ සේවාවක් ඉටු කළ නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කොළඹ දී පැවැති සමගි ජන බලවේගයේ මැයි දින රැළිය අමතමිනි.

තමාට කිසිදු අවස්ථාවක රට විනාශ කළ පුද්ගලයන් සමඟ ඩීල් නොමැති බවත් එසේ ඩීල් දැමීමේ අවශ්‍යතාවක් තිබුණා නම් මීට පෙර අගමැතිකම් හෝ ජනාධිපතිකම් ලබා ගැනීමට හැකියාවක් තිබූ බවත් තමා ඇතුළු පිරිස සෑම අවස්ථාවකම තීන්දු තීරණ ගන්නේ රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් සිතා ප්‍රතිපත්තිගරුකව බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

එමෙන්ම රට තුළ මිනීමරු සංස්කෘතියකට, ප්‍රචණ්ඩත්වයට ඉඩක් නොමැති බවත් යුක්තිය සාධාරණත්වය පමණක් රට තුළ තිබිය යුතු බවත් රටේ කුඩු සංස්කෘතියට අන්තවාදයට ජාතිවාදයට ඉඩක් නොමැති බවත් කිසිම ත්‍රස්තවාදයකට මුලපුරන්න ඉඩ දෙන්නේ නොමැති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ රටේ සිංහල නොවන ජනතාව මුහුණ දෙන ගැටලුවලට තිරසර විසදුමක් ලබා දෙන බවත් එහි දී 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සක්‍රීය කරනා බවයි.

එබැවින් වරදාන වරප්‍රසාදවලින් තොරව රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් සේවය කිරීමට කැමති ඕනෑම අයකුට සමගි ජන බලවේගයේ දොරගුලු විවෘත බවත් ප්‍රතිපත්ති කේන්ද්‍රීය රාජ්‍ය පාලනයක් වෙනුවෙන් එක්වන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF ප්‍රොජෙක්ට් එකට ලෙනින් මොකටද ?

ලෙනින්වාදය කියන්නෙ බොහෝම සද්භාවයෙන් පටන් අරන් නමුත් ප්‍රායෝගික තලයේදී...

තරගාවලිය සම වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 25, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ ඉන්දියාව...

ශ්‍රී දළදා මාලිගාව පවත්වාගෙන යන්න දවසට රුපියල් ලක්ෂ 50ක් ඕනෑ – දියවඩන නිලමේ

සටහන - රුවන් නෙළුගොල්ල මහනුවර ශ්‍රී දළදා මාලිගාව පවත්වාගෙන යාමට...

අද වනවිට රාජ්‍ය සේවය දේශපාලනීකරණය කිරීමට ජනාධිපතිතුමා විශාල උත්සාහයක් දරන බව පේනවා – මුජිබර්

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගය මැතිවරණයට පෙර පැවසූ...