හෙරොයින් ජාවාරමේ නියුතු පොහොට්ටුවේ හිටපු මන්ත්‍රීවරයෙක් කුඩුත් එක්කම මාට්ටු !

කටුනායක – සීදුව නගරසභාවේ හිටපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු රුපියල් ලක්ෂ 4ක් පමණ වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ 52 හැවිරිදි හිටපු නාගරික මන්ත්‍රීවරයෙකි. ඔහු කලක් කටුනායක – සීදූව නගරසභාවේ උප නගරාධිපතිවරයා ලෙස ද කටයුතු කර ඇති බව සඳහන්. ඔහු සන්තකයේ තිබී හමුවී ඇති හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 16 යි මිලිග්‍රෑම් 250 කි.

බඩල්ගම පොලීසිය විසින් මීගමුව ප්‍රදේශයේදී හෙරොයින් සමග අත් අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනෙකුගෙන් ලැබුණු තොරතුරු මත සිදුකළ වැටළීමකදී මෙම හිටපු නාගරික මන්ත්‍රීවරයාව අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහුව ඊයේ (02) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 07 වනදා දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බව සඳහන්.

මෙම හිටපු නාගරික මන්ත්‍රීවරයා දීර්ඝ කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැළී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිනිස්සු දැන් කාලා බීලා ඇවිදලා කියලා නිදහසේ සැනසිල්ලේ ඉන්නවා – ඇමති හේවගේ

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ පාලනය තුළ ජනතාව...

අරවින්ද ද සිල්වාගේ සහ බිරිඳගේ මිලියන 40ක ඇප මුදල රාජසන්තක කරයි

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවට අදාළව ශ්‍රී ලංකන්...

ඉන්ධන මිල වැඩි කරයි !

සටහන - රුවන් නෙළුගොල්ල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින්...

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...