වතු කම්කරු පඩි වැඩිකිරීම ආණ්ඩුවේ ඡන්ද ගුණ්ඩුවක්. ඕක කම්කරුවාට ලැබෙන්නේ නෑ. අහුවෙන්න එපා – දිගම්බරන්

Date:

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩිකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළත් වතු සමාගම් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බැවින් අදාළ වැටුප වතු කම්කරුවන්ට හිමි නොවන බවත් මෙය ආණ්ඩුව සහ වතු සමාගම් එකතුවී කරන ලද කුමන්ත්‍රණයක්ද යන්න පිළිබඳ සැකයක් පවතින බවත් නුවර එළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරන් මහතා පවසයි.

“1350 යි මූලික වැටුප, ඒගොල්ලො වැඩට එන විදිහ බලලා ඉතුරු 350 ගන්න පුළුවන් කියලානෙ කියන්නෙ. මම හිතන්නෙ සමාගම් කියලා තියෙනවා ඒක අපට දෙන්න බෑ, නඩුවකට යනවා කියලා. නඩුවකට ගියොත් මේක අවුරුදු දෙකහමාරක් අදිනවා. ඒ නිසා අපට සැකයක් තියෙනවා මේ සමාගමුත් ආණ්ඩුවත් එකතුවෙලා මේ කුමන්ත්‍රණය කරනවා කියලා. මොකද, ආණ්ඩුව කියලා ඇති වෘත්තීය සමිති අපට ප්‍රෙෂර් කරනවා, ඡන්දෙත් එනවා, ඒක නිසා මම මේක ප්‍රකාශ කරනවා, හැබැයි ඕගොල්ලො ගිහිල්ලා බෑ කියලා නඩුවකට යන්න කියලා කියලා ඇති කියලා අපට සැකයක් තියෙනවා. එතකොට මේක කම්කරුවාට හම්බුවෙන්නෙ නෑනෙ. ඒක නිසා මේ ගුණ්ඩුවට වෘත්තීය සමිති අහුවෙන්න එපා කියලා අපි කියන්නෙ. අපි කියන්නෙ හැමතිස්සෙම මේ ක්‍රමය මාරු කරන්න ඕනෙ. මේ ක්‍රමය ඇතුළෙ සාමාන්‍ය කම්කරුවාට පඩිය හම්බුවෙන්නෙ නෑ. ඒක නිසා මේ ජනතාවට තේ වතු ඔක්කොම බෙදලා දෙන්න ඕනෙ. අක්කර ගාණ බෙදලා දෙන්න. ඒ කියන්නෙ අයිතියට නෙවෙයි. අයිතිය දෙන්නෙ නෑ කියලා අපිත් දන්නවා. නමුත් ලීස් එකට දීලා තියෙනවානෙ කම්පැනි. ඒ විදියට මේ මිනිස්සුන්ට ලීස් එකට දීලා දළු ගන්න ඕනෙ. එතකොට එකසිය දහයට විතර ගත්තාම ඒගොල්ලොන්ට දෙදාහක් තුන්දාහක් විතර හම්බුවෙනවා. එතකොට කම්පැනියටත් වැඩිවෙනවා ආදායම, මේක රැකගන්නත් පුළුවන් වත්ත. ඒ මොඩ්ල් එකට තමා යන්න ඕනෙ. මම නැවත වතාවක් කියන්නෙ මේ සාකච්ඡා කරන වෘත්තීය සමිති ආණ්ඩුව දාන ගුණ්ඩුවලට අහුවෙන්න එපා”

පලනි දිගම්බරන් මහතා මේ බව පැවසුවේ ඊයේ (02) දිනයේදී ගිනිගත්හේන ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අභාවප්‍රාප්ත මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු...

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...