තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි,මැයි 03,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හමාස් පාලනයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධය අමානුෂික යුද්ධයක් වන බැවින් ගාසා තුර්කිය හා ඊශ්‍රායලය අතර සියලුම නිෂ්පාදන ආවරණය වන පරිදි පැවති වෙළඳ සබදතා අත්හිටුවා ඇති බව වාර්තා වේ.

මේ සබන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් තුර්කි වෙළඳ අමාත්‍යාංශය සඳහන් කර තිබුණේ, ගාසා තීරයට අඛණ්ඩ සහ ප්‍රමාණවත් ආධාර ගලා යාමට ඉඩ දෙන තෙක් මෙම පියවර ක්‍රියාත්මක වන බවයි.

පසුගිය වසරේ දෙරට අතර වෙළඳාම ඩොලර් බිලියන 7 (පවුම් බිලියන 5.6) පමණ වී අතර 1949 දී තුර්කිය ඊශ්‍රායලය පිළිගත් පළමු මුස්ලිම් බහුතර රට විය. නමුත් මෑත දශක කිහිපය තුළ සබඳතා නරක අතට හැරී ඇත.

මේ වන විට 34,500කට අධික පිරිසක් මිය ගිය ගාසා තිරය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්ඩෝගන් සදහන් කලේ, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු නොවන බවයි.

ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සදහන් කලේ කුර්දිවරුන්ට එරෙහිව ජන සංහාරයක් සිදු කරන, ඔහුගේ පාලනයට විරුද්ධ මාධ්‍යවේදීන් සිරගත කිරීම සම්බන්ධයෙන් ලෝක වාර්තාවක් තබා ඇති අර්ඩෝගන්, අපට සදාචාරය දේශනා කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැරදුණත් ලංකාව ඉස්සෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 24, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...

විශාලම ජයග්‍රහණය මහනුවරින් – සටන්කාමීම පරාජය ගුවන් හමුදාවෙන්

නිශ්මං රණසිංහ ජනවාරි 24, කොළඹ LNW: මැලිබන් කුසලානය වෙනුවෙන් පවත්වන...

” අසභ්‍යකරණය ” හා “වාචාලකරණය “

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ කටට...