වෛද්‍ය ලාල් ඒකනායකට මධ්‍යම ආසියාවේ මුල් පුටුවක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
මැයි 03, කොළඹ (LNW): මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමයේ වෛද්‍ය කොමිසමේ සභාපතිත්වය ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප්‍රධානි වෛද්‍ය ලාල් ඒකනායකට හිමි වී ඇත. මැයි 1 වැනි දින සූම් තාක්ෂණය හරහා 2 වැනි මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමයේ (CAVA) පරිපාලන මණ්ඩල රැස්වීමේ දී,ස්ථීර කොමිෂන් සභා නවයකට නිලධාරීන් පත් කිරීමේ දී වෛද්‍ය ලාල් ඒකනායකව මෙම තනතුර සඳහා නම් කර ඇත.

ආසියාතික මට්ටමෙන් මෙන්ම ජගත් මට්ටමෙන් ද යම් යම් තරගාවලිවලට විවිධ ක්‍රීඩාවන් සම්බන්ධයෙන් වෛද්‍ය කමිටු නියෝජනය කර ඇති වෛද්‍ය ලාල් ඒකනායක මෙන්ම ඉතිරි කොමිෂන් සභාවලට ද සාමාජිකයන් ලෙස ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකුම ඇතුළත් වී තිබෙන අතර වර්ථමානයේ මෂඨම ආසියානු වොලිබෝල් සංගමයේ ලේකම් ධූරය දරන්නේ ද ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයේ ලේකම් ධූරය දරන එස්.ඒ.නාලක ය.

මෙම පත්කිරීම්වලදී ක්‍රීඩා ඉසව් සම්බන්ධ කොමිසමේ සාමාජිකයෙක් ලෙස ශ්‍රීමාල් ද සිල්වා කටයුතු කරන අතර තරග තීරක කොමිෂමේ සාමාජිකයෙක් ලෙස විමල් අමරසිංහ තේරී පත් වී ඇත.පුහුණුකරු සහ තාක්ෂණික කටයුතු කොමිෂමට පත් වී ඇත්තේ චාල්ස් තිලකරත්න ය. අලෙවිකරණ සහ සන්නිවේදන කොමිෂන් සභා සාමාජිකයෙක් ලෙස චන්දන විජේසිංහ පත්ව ඇත.
මුදල් කොමිෂන් සභාවේ සාමාජිකයෙක් ලෙස පත් කර ඇත්තේ ජී.ඩී.ටී.එස්. පෙරේරා ය.ගෘහස්ථ නොවන පොළව මතත්,වෙරළ මත සහ හිම මතත් වොලිබෝල් ක්‍රිඩා කටයුතු මෙහෙයවීමට නම් කරන ලද කොමිසමට සාමාජිකයෙක් ලෙස අරුණ ශාන්ත සහ ධනපාල ජයපත්ම යන දෙදෙනාම ඇතුළත් වී සිටිති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද වනවිට රාජ්‍ය සේවය දේශපාලනීකරණය කිරීමට ජනාධිපතිතුමා විශාල උත්සාහයක් දරන බව පේනවා – මුජිබර්

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගය මැතිවරණයට පෙර පැවසූ...

දිනපු කෙනෙක් නැහැ-පැරදුන කෙනෙකුත් නැහැ

නිශ්මං රණසිංහ ජනවාරි 25, කොළඹ LNW චැම්පියන් ලීග් ජාතික පාපන්දු...

වැසි තත්වයේ වෙනසක් – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 25) දිනයේදී උතුරු, උතුරු-මැද,...

පැරදුණත් ලංකාව ඉස්සෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 24, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...