නොරොච්චෝලේ යළිත් ලෙඩ වෙයි – විදුලි කප්පාදුව දීර්ඝ වෙයිද ?

0
512

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ එක් අදියරක හදිසි දෝෂයක් හටගෙන තිබෙනවා. මේ නිසා ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 270 ක් පමණ අහිමි වේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ දින 05 ක් ඇතුළතදී බලාගාරය යථා තත්වයට පත් කිරීමට හැකිවනු ඇති බවයි.

මෙම දෝෂය හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට දැඩි බලපෑමක් සිදුවන නමුත් විදුලි කප්පාදුව දීර්ඝ කිරීමේ අදහසක් නොමැති බව අමාත්‍යවරයා පවසනවා. විදුලි ඉල්ලුම කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු පවසයි.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here