රාජපක්ෂ පවුලේ නම්බු නාම ඉවත් කරන්න – අරගලයේ තරුණයින් මහානායක හිමිවරුන්ගෙන් ඉල්ලයි

රට පුරා ව්‍යාප්ත Gotagohome මහජන අරගලයේ තරුණයින් පිරිසක් අද (03) මල්වතු – අස්ගිරි මහානායක හිමිවරුන් බැහැදැක සංදේශයක් භාරදී තිබේ.

වත්මන් රාජපක්ෂ පාලනයට එරෙහිව සංඝ ආඥාවක් නිකුත් කරන ලෙසත් රාජපක්ෂ පවුලේ සාමාජිකයින්ට ලබාදී ඇති නම්බු නාම වහාම ඉවත් කරන ලෙසත් රාජපක්ෂ පවුලේ පාංශුකූල පින්කමකටවත් සහභාගී නොවන ලෙසටත් ඔවුන් එම සංදේශයෙන් ඉල්ලා ඇත.

එමෙන්ම සංඝා ශාසනයට පටහැණිව කටයුතු කරන රාජපක්ෂවාදී දුසිල් භික්ෂූන් ශාසනයෙන් නෙරපා හැරීමට කටයුතු කරන ලෙසත් ඔවුන් මහානායක හිමිවරුන්ගෙන් ඉල්ලා ඇති බව සඳහන්.

May be an image of 4 people, people standing, people sitting and indoor
May be an image of 2 people, people standing, people sitting and indoor
May be an image of 6 people, people standing and people sitting
May be an image of 5 people, beard and people standing

RN