පොහොර නැවක් එනවා. මිලත් වැඩිවෙනවා. ගොවියා ඉල්ලන ප්‍රමාණයටම පොහොර දෙන්න බෑ – ඇමති නාමල්

ගොවීන් ඉල්ලන ප්‍රමාණයටම පොහොර ලබාදීමට තමන්ට හැකියාවක් නොමැති බවත් යම්කිසි ක්‍රමවේදයක් සකස් කර ගොවි සංවිධාන හරහා මේ යල කන්නය සඳහා පොහොර ලබාදීම සිදුකරන බවත් කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

“තව පොහොර නැවක් එනවා. හෙට නෙවෙයි අනිද්දාට. ටොන් එකක් ඩොලර් 800 ට එන්නෙ. අපි තුන්සීය ගණන්වලට ගත්තෙ ඕවා. තුන්සීය ගණන්වලට හාරසිය ගණන්වලටත් ගත්තා. දැන් එන්නෙ 800 ට. මිල වැඩිවෙනවා”

ප්‍රශ්නය – මෙවර යල කන්නය සඳහා පොහොර නිකුත් කිරීම මේ වෙනකොට සිදුවෙනවා. මොකද ඒකෙ තත්වය ?

“මේ පොහොර මිටියක් රුපියල් 9900 ට ගොවීන්ට දෙනවා. රුපියල් 16000 වගේ ගණන්වලට මේ පොහොර මිටියක් විකිණුනා. අද රජයේ මැදිහත්වීම යටතේ රුපියල් 9900 ට මෙය අලෙවි කරනවා. විශේෂයෙන්ම සමාගම් සතුව තිබුණු පොහොරවලින් 65%ක් රජය මිලදී ගත්තා. රජයේ ගබඩාවලත් පොහොර යම් ප්‍රමාණයක් තිබුණා. එතකොට ඒ සියල්ල පාවිච්චි කරලා තමයි මේ මුදලට මේ පොහොර දෙන්නෙ”

ගොවියා ඉල්ලන ප්‍රමාණයටම පොහොර දෙන්නෙ බෑ. ක්‍රමවේදයක් හදාගෙන එහෙම තමයි මේ පොහොර ටික ගොවි සංවිධාන හරහා ලබාදෙන්නෙ. හෙක්ටයාර් දෙකක් සඳහා ගොවීන්ට සල්ලි ලැබෙනවා රුපියල් 60000 ක්. දැන් අපි ආණ්ඩුව ගන්න කලින් ගොවීන්ට ලැබුණෙ රුපියල් 30000 යි. ඒක දැන් 60000ක් කරලා තියෙනවා. ගොවියා වෙනුවෙන් රජයෙන් මුදල් කෝටි ගණනක් වෙන්කරලා ඒ මුදලුත් මේ වෙනකොට ගොවීන්ගේ ගිණුම්වලට බැර කරමින් පවතිනවා”

නාමල් කරුණාරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා පොල්පිතිගම රඹේ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...