රෂිකා හෙන්නායක මැයි 03 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
මොරොක්කෝවේ පැවැත්වෙන African Lion ඒකාබද්ධ හමුදා අභ්යාසය අතරතුර අමෙරිකානු සෙබළුන් දෙදෙනෙකු අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.
අමෙරිකානු අප්රිකානු විධානය (AFRICOM) සඳහන් කරන පරිදි, මෙම පිරිස සෙවීම සඳහා ගොඩබිම, ගුවන් සහ මුහුදු මාර්ග ඔස්සේ පුළුල් මුදාගැනීමේ මෙහෙයුම් දැනටමත් ආරම්භ කර ඇත.
මෙම සිදුවීම නිරිතදිග මොරොක්කෝවේ Tan Tan නගරය ආසන්නයේ පිහිටි පුහුණු කලාපයකදී සිදුව ඇති අතර ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන ක්රියාත්මකය.
අප්රිකානු කලාපයේ පවත්වනු ලබන විශාලතම වාර්ෂික හමුදා අභ්යාසය ලෙස සැලකෙන මෙයට රටවල් කිහිපයක් සහභාගී වන අතර එහි ප්රධාන අරමුණ වන්නේ හදිසි අවස්ථාවන්ට මුහුණ දීමේ හැකියාව වර්ධනය කිරීමයි.
අතුරුදහන් වූ සෙබළුන් සොයා ගැනීමට මොරොක්කෝ බලධාරීන් ඇතුළු අනෙකුත් සහභාගී වන රටවල් ද මේ වන විට සහයෝගය දක්වමින් සිටියි.



