මහජන ආරක්ෂක ඇමති ටිරාන්ගෙන් දේශපාලන පක්ෂ වලට හා පොලිස් නිලධාරීන්ට විශේෂ ස්තුතියක්

Date:

2023 මැයි මස 01 දින ලෝක කම්කරු දිනය සැමරීම සදහා පැවැත්වූ පෙලපාලි හා මැයි දින රැලි ඉතාමත්ම සාමකාමීව පැවැත්වීම ,නීතිය හා සාමය නිසි පරිදි පවත්වාගෙන යාම හා රාජකාරියෙහි නියුතු පොලිස් නිලධාරීන්ට සිය රාජකාරී කටයුතුවලට බාධා නොකර සහයෝගය දැක්වීම පිලිබදව සියළුම දේශපාලන පක්ෂවලට හා සංවිධාන වලට සිය ස්තුතිය පිරිනමන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

එම මැයි දින සැමරුම් පෙලපාලි හා රැස්වීම් පැවැත්වූ හැම ස්ථානයකටම විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් දියත් කල බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වැඩි දුරටත් සඳහන් කරයි.

මහජන ආරක්ෂාව වෙනුවෙන් දැඩි කැප කිරීමකින් රාජකාරී කටයුතු නිසිපරිදි ඉටුකල සියළු පොලිස් නිලධාරීන්ටත් තමාගේ ස්තුතිය පිරිනමන බවත් අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශ කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...