ජාතික ඵලදායීතා කොමිෂන් සභාවේ කටයුතු සඳහා ඕස්ට්‍රේලියාවේ සහාය

Date:

ඕස්ට්‍රේලියානු ඵලදායිතා කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා ජාතික ඵලදායිතා කොමිෂන් සභාවේ ක්‍රියාකාරී කණ්ඩායම අතර දැනුම හුවමාරු කර ගැනීමේ මාර්ගගත (Online) සැසියක් පසුගියදා පැවැත්විණි.ජනාධිපති කාර්යාලය විසින් මෙය සංවිධානය කර තිබිණි.

රටේ ආර්ථිකය යළි ප්‍රකෘතිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් ක්‍රියාවට නංවා තිබෙන අතර ජාතික ඵලදායිතා කොමිෂන් සභාවක් පිහිටුවීම එහි ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස හඳුනාගෙන තිබේ.

පවතින ආර්ථික අභියෝග හමුවේ වුව ද, 2023 අය වැයෙන් මෙම කොමිෂන් සභාව පිහිටුවීම සඳහා රජය අරමුදල් වෙන් කරනු ලැබුවේ ඒ අනුවය. විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ සංවිධානවල සාමාජිකයින්ගෙන් සමන්විත අන්තර් අමාත්‍යාංශ ක්‍රියාකාරී කණ්ඩායමක් විසින් මෙහි කටයුතු මෙහෙයවනු ලැබේ.

ඵලදායිතාව ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජාත්‍යන්තර ක්‍රමවේද සොයා බැලීම මෙම කොමිෂන් සභාවේ අරමුණ වන අතර මේ සඳහා ජාත්‍යන්තරව පිළිගෙන ඇති ඕස්ට්‍රේලියානු ඵලදායිතා කොමිසමේ සහාය රජය ඉල්ලා සිටියේය. ඊට ප්‍රතිචාර ලෙස ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය මේ පිළිබඳ ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට එකඟතාව පළ කරනු ලැබීය.

මෙම මුල පිරීම ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පුනර්ජීවනය සඳහා ඕස්ටේලියානු රජයේ සහයෝගය පිළිබිඹු කිරීමක් වන අතර එමඟින් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා ද තහවුරු කරයි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...