ජාතික ඵලදායීතා කොමිෂන් සභාවේ කටයුතු සඳහා ඕස්ට්‍රේලියාවේ සහාය

Date:

ඕස්ට්‍රේලියානු ඵලදායිතා කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා ජාතික ඵලදායිතා කොමිෂන් සභාවේ ක්‍රියාකාරී කණ්ඩායම අතර දැනුම හුවමාරු කර ගැනීමේ මාර්ගගත (Online) සැසියක් පසුගියදා පැවැත්විණි.ජනාධිපති කාර්යාලය විසින් මෙය සංවිධානය කර තිබිණි.

රටේ ආර්ථිකය යළි ප්‍රකෘතිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් ක්‍රියාවට නංවා තිබෙන අතර ජාතික ඵලදායිතා කොමිෂන් සභාවක් පිහිටුවීම එහි ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස හඳුනාගෙන තිබේ.

පවතින ආර්ථික අභියෝග හමුවේ වුව ද, 2023 අය වැයෙන් මෙම කොමිෂන් සභාව පිහිටුවීම සඳහා රජය අරමුදල් වෙන් කරනු ලැබුවේ ඒ අනුවය. විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ සංවිධානවල සාමාජිකයින්ගෙන් සමන්විත අන්තර් අමාත්‍යාංශ ක්‍රියාකාරී කණ්ඩායමක් විසින් මෙහි කටයුතු මෙහෙයවනු ලැබේ.

ඵලදායිතාව ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජාත්‍යන්තර ක්‍රමවේද සොයා බැලීම මෙම කොමිෂන් සභාවේ අරමුණ වන අතර මේ සඳහා ජාත්‍යන්තරව පිළිගෙන ඇති ඕස්ට්‍රේලියානු ඵලදායිතා කොමිසමේ සහාය රජය ඉල්ලා සිටියේය. ඊට ප්‍රතිචාර ලෙස ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය මේ පිළිබඳ ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට එකඟතාව පළ කරනු ලැබීය.

මෙම මුල පිරීම ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පුනර්ජීවනය සඳහා ඕස්ටේලියානු රජයේ සහයෝගය පිළිබිඹු කිරීමක් වන අතර එමඟින් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා ද තහවුරු කරයි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...